රත්තරං දුවක් මිසින් වෙලා

හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොශෙල් සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ නීති විරෝධී අන්දමින් ආනයනය කරන ලද රුපියල් කෝටි හතරකට අධික වටිනාකමෙන් යුත් ලෑන්ඩ් කෲසර් වර්ගයේ ජීප් රථයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුතාට අලෙවි කිරීමේ චෝදනාව මතයි.

පොලිසිය පෙරේදා(19) කළුතර පිහිටි රෝහිත අබේගුණවර්ධනගේ දියණියට අයත් නිවාසක් පරීක්ෂා කළ අතර ඒ වනවිටත් ඔවුන් නිවාස අතහැර පලාගොස් සිටි බවත් ඔවුන්ගේ ජංගම දුරකථන ද ඒ වනවිට විසන්ධි කර තිබූ බවත් පැවසෙනවා.

නීතිවිරෝධී අන්දමින් එකලස් කරන ලද ජීප් රථයක් පරිහරණය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍ රසික විතාන මහතා එම ජීප් රථය ද සමග පානදුර වලාන දූෂණ මර්දන බළකායේ නිලධාරීන් විසින් මතුගම නගරයේ දී පෙරේදා (19) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව සිදු කළ විමර්ශනවලදි අනාවරණය වි ඇත්තේ ජීප් රථය නීතිවිරෝධී අන්දමින් ආනයනය කර ව්‍යාජ අංක යොදා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත්තේ රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන මෙලනි විසින් බවයි.

මෙම ජීප් රථය රෝහිත අබේගුණවර්ධනගේ දියණීය විසින් ජගත් විතාන මහතාගේ පුතාට අලෙවි කර ඇත්තේ ඉකුත් 2024 වර්ෂයේ 10 වැනි මාසයේදී.

තවද මෙම ජීප් රථය රේගු ගාස්තු නොගෙවා හොර රහසේ ආනයනය කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

මෙම සිදුවිමට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (20) දහවල් ඉදිරිපත් කිරීමෙන් පසු ලබන අගෝස්තු ( 01 ) වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

Author

Related Posts