ජගත් විතානගේගේ පුතා රිමාන්ඩ්… සිද්ධියට සම්බන්ධ රෝහිතගේ දුව සහ බෑණාත් මිසින්… ෆෝන් Off පොලීසිය කියයි…

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේගේ පුත්‍ රසික විතාන පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගත්තා. නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව මතුගම ප්‍රදේශයේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2024 ඔක්තොබට් 16 වන දින මිලදී ගෙන ඇති මෙම ජීප් රථය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව මොහුව අත්අඩංගුවට ගෙන ඇත. එම ජීප් රථය කොටස් එකලස් කරන ලද එකක් බවත්, පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවත් වලාන දූෂණ මර්ධන ඒකකය සඳහන් කරයි.
නමුත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පවසා ඇත්තේ මෙම ජීප් රථය මිලදී ගන්නා අවස්ථාවේ මූල්‍ය ආයතනයක මූල්‍ය පහසු කමක් තිබූ අතර එය ලබා ගෙන ඇත්තේ හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධනගේ දුව වන ඔශෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් බවයි.

ජීප් රථය මිලදී ගැනීමේදී වූ ලියකියවිලි වන මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ සහතිකය වාහනය ලබාගෙන මුදල් ලබා ගැනීමේදී වාහනය මිලට ගත් බවට වන ලිපියක් සහ මූදල් ගෙවූ රිස්ට් පත, මාධ්‍යට ඉදිරිපත් කර ඇත.

මෙම land cruiser රථයේ පෙර හිමි කරු බවට සඳහන් වන රෝහිත අබේගුණවර්ධනගේ දුවගෙන් ප්‍රකාශයක් ගැනීමට පොලීසිය කළුතර පිහිටි අයගේ නිවසට ගොස් තිබුණද පොලීසිය පවසා සිටින්නේ ඇය හෝ ඇගේ එම නිවසේ නොසිටි බවයි. තවද ඔවුන්ගේ දුරකථනද ක්‍රියා විරහිතව පවතින බව වාර්තා වේ.

එසේම වැඩි දුර පරීක්ෂණ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේගේ පුත්‍ රසික විතානව මතුගම පොලීසිය වෙත භාර දීමට වලාන දූෂණ මර්ධන ඒකකය විසින් කටයුතු කර ඇත. මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත මහත්මිය විසින් මොහුව ලබන පළමුවැනිදා දක්වා රිමාඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත. ජනාධිපති නීතිඥ රාසික් සාරුක් ඇතුළු නීතිඥවරු 25 දෙනෙක් මේ නඩුව සඳහා ඉදිරිපත් වී ඇති අතර නඩුව එළඹෙන අගෝස්තු පළමුවැනිදා කැඳවීමට නියමිතය.

Author

Related Posts