ඊයේ (19) දින ඇට්ලන්ටා බලා යමින් සිටි ඩෙල්ටා එයාර් ලයින්ස් ගුවන් යානයක් ගුවන් ගත වී ටික වේලාවකට පසු ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමක් සිදු කරන ලදී. ඒ ගුවන් නියමුවන් විසින් යානයේ වම් එන්ජිමේ ගින්නක් ඇතිවීමේ ලක්ෂණ හඳුනා ගැනීමෙන් අනතුරුවය.
බෝයිං 767-400 ගුවන් යානයකින් ක්‍රියාත්මක වන DL446 ගුවන් යානය ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති අතර, කාර්ය මණ්ඩලය එන්ජිමේ ගින්නක් ඇතිවීමේ ලක්ෂණ නිරීක්ෂණය කර ඇත. GE CF6 එන්ජින් දෙකකින් බල ගැන්වූ ගුවන් යානය පැසිෆික් සාගරයට ඉහළින්ගමන් කර තිබියදී දෝෂය ඇති වී ඇති පැවසේ. ගුවන් නියමුවන් වහාම හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ලොස් ඇන්ජලීස් වෙත ආපසු යාමට අවසර ඉල්ලා ඇති අතර. ගුවන් ගමනාගමන පාලක මණ්ඩලය ගුවන් යානය ආරක්ෂිතව ආපසු ගෙන යමින් ගුවන් තොටුපළේ හදිසි සේවා දැනුවත් කර ඇත.
LA ෆ්ලයිට්ස් ගුවන් සේවා යූ ටියුබ් නාලිකාව විසින් ග්‍රහණය කරගත් දර්ශනවලට අනුව, ගුවන් යානය දකුණු ලොස් ඇන්ජලීස් හරහා ආපසු හැරවීමේදී වම් එන්ජිමෙන් ගිනිදැල් පුපුරා යන ආකාරය පෙන්නුම් කරන ලදී. වීඩියෝවේ, ජෙට් යානය ස්ථාවරව පියාසර කරන අතර එක් පියාපත් යටින් ගිනි බෝලයක් ලෙසට දැල්වෙන බව පෙනේ. ගුවන් යානය පහළට බැස යන විට, ගින්න මදක් අඩු වූ බවක් පෙනෙන්නට තිබී ඇති අතර යානය ආරක්ෂිතව පහළට ගෙන විත ඇත.
කෙසේ වුවද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය ජූනි මාසයේ බෝයිං ගුවන් යානයක් සම්බන්ධ මාරාන්තික අනතුරෙන් අනතුරුව මාසයකට පසුව නැවත ඩෙල්ටා එන්ජින් ගින්නක් මෙලෙස ඇති වී ඇත. ජුනි 12 වන දින, බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානයක් ධාවනය කළ, එයාර් ඉන්දියා 171 ගුවන් යානය ගුවන් ගත වී ටික වේලාවකට පසු අහමදාබාද්හි මේඝානි නගර් ප්‍රදේශයේ වෛද්‍ය විද්‍යාල සංකීර්ණයකට කඩා වැටුණි. එමගින් ගුවන් යානය අහමදාබාද් සිට ලන්ඩනයේ ගැට්වික් දක්වා ගමන් කරමින් තිබුණි. අනතුරින් 260 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය.
