මිලියන 200යි! මාස 7යි! එක සුනඛයෙක්වත් වන්ද්‍යකරණය කරලා නැහැ

සුනඛ වද්‍යකරණ කටයුතු සඳහා මේ වසරට අදාළව රුපියල් මිලියන 200 ක මුදලක් රජය විසින් වෙන්කර තිබුණද මාස හතක් ගත වී ඇතත් මේ වනතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එක සුනඛයෙක්වත් වද්‍යාකරණය කර නොමැති බව සත්ත්ව සුභසාධන සංසදය පැවසූ බව ‘අරුණ’ පුවත්පත සඳහන් කරනවා.

මෙම මුදල් නිසියාකාරව භාවිතයට යෙදීමට කටයුතු කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව එහි විධායක සභික ගීතාන් දනුෂ්ක ජයතිලක සඳහන් කළ බව එම පුවත්පත වාර්තා කර තිබෙනවා.

රජය ඉකුත් වසර (2024) සඳහා සුනඛ චද්‍යකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 200 ක මුදලක් වෙන්කර තිබුණ ද, ප්‍රමාණවත් පරිදි පශු වෛද්‍යවරුන් නොසිටීම ආදී කරුණු නිසා චන්දකරණ කටයුතුවලට යොදා ගෙන ඇත්තේ රුපියල් මිලියන 100 ක මුදලක් පමණක් බවද ඔහු කියා සිටි බව වාර්තා කර තිබෙනවා.

මෙරට වීදි සුනඛ ගහනය කොතෙක්දැයි යන්න සම්බන්ධව පසුගිය වසර දහය තුළදී නිශ්චිත සමීක්ෂණයක් සිදුවී නොමැති බවත්, සතුන් ලක්ෂ 20 ත් 30 ත් අතර සුනඛ ගහනයක් ඇති බවට අනුමාන කෙරෙන බවත්, එනම් මිනිසුන් අට දෙනෙකුට එක් සුනඛයකු ඇති බවට අනුමාන කරන බවත්, මෙරට වීදි සුනඛ ගහනය දිනෙන් දින ඉහළ යන බවත්, වීදි සුනඛයන් ගැටීමෙන් සිදුවූ යතුරු පැදි අනතුරු නිසා පුද්ගලයන් රැසකට ශාරීරික හානි සිදුවූ අවස්ථා රැසක් වාර්තා වූ බවත් ඔහු සඳහන් කළ බව ‘අරුණ’ වාර්තා කරනවා.

සුනඛයන්ගේ ගැබ් ගැනීමේ කාලය මාස දෙකක පමණ අඩු කාලයක් හේතුවෙන් මෙම සතුන් ගහනය පාලනයට රජයට විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද එම පුවත්පත් වාර්තා කරනවා.

මේ වන විට රජය සහ පුද්ගලික අංශ විසින් සිදුකරන එන්නත්කරණයට අදාළ තොරතුරු ගොනුවක් කිසිදු තැනක නොමැති බවත්, සතුන් 80% ක් එන්නත්කරණය කිරිමට නම් සතුන් අවම වශයෙන් වසර පහක්වත් වද්‍යාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු කියා සිටි බව ‘අරුණ’ පුවත්පත වාර්තා කරනවා.

එම පුවත්පත් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, රජය මැදිහත්වීමෙන් පසුගිය වසර දෙකකට පමණ පෙර වද්‍යාකරණ සැත්කම් 30,000 ක් පමණ සිදු කර තිබෙන නමුත් පෞද්ගලික සංවිධානවලින් වද්‍යාකරණ සැත්කම් 35,000 ක් වැනි ප්‍රමාණයක් සිදුකර තිබෙන බවයි.

Author

Related Posts