දෙහිවල වෙඩිතැබීමක්

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.

කෙසේවෙතත් වෙඩි තැබීම සිදු කර ඔවුන් පළා ගොස් ඇති බව‍යි වාර්තාවන්නේ.

වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Author

Related Posts