චෙම්මනි වෙනුවෙන් කොළඹ විරෝධයක්!

යාපනය, චෙම්මනි සමූහ මිණීවලේ කැණීම් වලදී කුඩා දරුවන්ගේ ද ඇතුළුව මිනිස් සිරුරු 63කට අදාල අස්ථි කොටස් ගොඩගැනීමෙන් මතුව ඇති තවත් බරපතල අපරාධ ගණනාවකට අදාළව ජාත්‍යන්තර පරීක්ෂනයක් මෙන්ම එම වින්දිතයින්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් 17දා කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවත්වීය.

සිවිල් සංවිධාන, වෘත්තීය සමිත්, ආගමික නායකයින් ඇතුලු පිරිසක් එයට සහභාගී වී සිටි අතර, එම පිරිස පාගමනින් ජනාධිපති මංදීරය දෙසට යාමට ගමන් කිරීමේදී පොලීසිය විසින් පොලිස් බලය යොදමින් එම විරෝධය හරස් කර නැවතීමට කටයුතු කර තිබුණි.

(ඡායාරූප – විකල්ප)

Author

Related Posts