ඇමෙරිකාව විසින් පනවන ලද තීරු බදු සම්බන්ධයෙන් වියට්නාමය 20%ක් දක්වා අවසන් එකඟතාවයන්ට පැමිණීමටත්, ඉන්දුනීසියාව 19% දක්වා ඔවුන්ගේ අවසන් එකඟතාවයන්ට එන්නට සමත්ව තිබෙන අතර ඉන්දියාව මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින අතර එම එකඟතාවයත් ඉතා ඉක්මණින් එන්නට නියමිතව ඇත.
ඒ ආකාරයට ආසියාවේ රටවල් ගණනාවක් මේ වන විට තීරු බදු සම්බන්ධ සාකච්ඡා කරමින් සිටින තත්ත්වයක් තුළ, මෙම බදු සම්බන්ධයෙන් අමෙරිකාවත් සමග සාකච්ඡා කරමින් සිටින ආසියාවේ එකම රට ලංකාව බව අමාත්‍ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත. අද (17) දින පැවති රුපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් අතර තුරදී එහි මාධ්‍යවේදියා මේ පිළිබඳව අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.
එහිදී මාධ්‍යවේදියා විමසා සිටියේ “මොකද්ද ඔබ ඒ කරපු ප්‍රකාශය? ආසියාවේ රටවල් ගණනාවක් මේ වන විටත් එකඟතාවයන් ඇති කරගෙන තිබෙනවා”යනුවෙනි.
එහිදී අමාතයවරයා සඳහන් කළේ තමා ඉදිරිපත් කළ අදහසේ පුංචි අඩුපාඩුවක් තිබෙන බවත් මේ සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික මට්ටමෙන් වැඩිම ප්‍රගතිය සඳහා අඛණ්ඩ සාකච්ඡාව පැවැත්වූයේ ශ්‍රී ලංකාව බවයි. එහිදී තමා කළ ප්‍රකාශයේ වරදක් වූ අතර “අදහස් ප්‍රකාශ කිරීමේදී එහෙම වෙන්න පුළුවන්” යනුවෙන් පවසා අමත්‍යවරයා විසින් තම ප්‍රකාශයේ අඩුපාඩුව පිළිගන්නා ලදී.
ඔහු එහිදී අදහස් කළේ සාකච්ඡා කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ගත් කල ඉදිරියෙන්ම සිටි රට ලංකාව බවයි. වියට්නාමය ප්‍රගතිය හොඳින්ම අත්පත් කරගත් නිසා සහ ඔවුන් අවසන් එකඟතාවයකට පැමිණ ඇති නිසා හොඳම ප්‍රගතිය තිබෙන්නේ ඔවුන්ට නොවේදැයි එහිදී මාධ්‍යවේදියා විමසා සිටියා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ කලින් පනවා තිබූ බදු ප්‍රමාණය සහ දැන් ලබා දී ඇති එකඟතාවය අතර වැඩිම පරතරයක් තබාගෙන බදු ප්‍රතිශතය අඩු කරගෙන ඇත්තේ ලංකාව බවයි. නමුත් මාධ්‍ය වේදියා එහිදී නැවත විමසා සිටියේ වියට්නාමය අවසන් එකඟතාවය 20%ක් වන අතර අප්‍රේල් 2 බදු පැනවීමේදී තිබූ ප්‍රතිශතය 46%ක්. එසේ බැලූ විටද ප්‍රතිශතය අඩු කරගෙන ඇත්තේ ලංකාවට වඩා වියට්නාමය බව මාධ්‍යවේදියා සඳහන් කළා. එහිදී නැවත වරක් තමාගේ ප්‍රකාශයේ වරද අමාත්‍යවරයා විසින් පිළිගන්නා ලදී.
