2015 වසරේදී සිදු කරන ලද ඒකාබද්ධ කිරීමේ ගණු දෙනුවක් (Merger Deal) සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා පැවති නඩුවකින් සැම්සුන් සමාගමේ ප්‍රධානියා වන ලී ජේ-යොංව දකුණු කොරියාවේ ඉහළ අධිකරණයක් විසින් සියලු වංචා චෝදනාවලින් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2014 සිට Samsung හි නිර්මාතෘගේ මුනුපුරා සහ එවකට සමාගමේ ප්‍රධානියා වූ ලී ජේ-යොං, සමාගමේ පාලනය ලබා ගැනීම සඳහා සමාගමේ කොටස් සහ ගිණුම් කටයුතු වංචා කළ බවට චෝදනා ලැබ සිටියේය.
සෝල්හි ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දුන් එහි අවසාන තීන්දුවේදී ඔහු තවදුරටත් අදාළ සම්බන්ධයෙන් වරදකරු නොවන බව තීරණය වූ අතර එහිදී ඔහුට තිබූ පෙර නඩු විභාග දෙකකින් ද නිදොස් කොට නිදහස් කර ඇත.
ඒකාබද්ධ කිරීමේ ගනුදෙනුවක් හෝ ඒකාබද්ධ කිරීමක් යනු සමාගම් දෙකක් හෝ වැඩි ගණනක් ඒකාබද්ධ වී තනි, නව ආයතනයක් ආරම්භ කරන ව්‍යාපාරික ගනුදෙනුවකි.
Samsung අනුබද්ධ සමාගම් දෙකක් අතර ඒකාබද්ධ කිරීම සඳහා රජයේ සහාය ගැනීම සඳහා අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත ලී ප්‍රථම වරට 2017 දී අත්අඩංගුවට ගන්නා ලදී. සමාගමේ පාලනය ඔහුගේ පියා වන ලී කුන්-හීගෙන් මාරු කිරීම සඳහා ඒකාබද්ධ කිරීමක් සිදු කර ඇති බවටද ඔහුට වංචා චෝදනා එල්ල වී ඇත. ඔහුගේ පියා 2014 දී හෘදයාබාධයකට ලක් වූ අතර පසුව ඔහු 2020 දී මිය ගොස් ඇති බව වාර්තා වේ.
සැම්සුන් අනුබද්ධ සමාගම් දෙකක් අතර ඒකාබද්ධ කිරීම සඳහා රජයේ සහාය දිනා ගැනීම සඳහා අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත බාල ලී ප්‍රථම වරට 2017 දී අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම නඩුවෙන් නිදහස් වූ පසු Samsung හි නීතිඥයින් මෙසේ පැවසීය.
“අද, ශ්‍රේෂ්ඨාධිකරණය සිය අවසන් තීන්දුව හරහා පැහැදිලිව තහවුරු කර ඇත්තේ Samsung C&T ඒකාබද්ධ කිරීම සහ Samsung Biologics හි ගිණුම්කරණ කාර්යය නීත්‍යානුකූල බවයි”
“වසර පහක සම්පූර්ණ නඩු විභාග ක්‍රියාවලියකින් පසුව අධිකරණයේ ඥානවන්ත තීන්දුවට අපි අවංකවම ස්තූතිවන්ත වෙමු.”
