මැලේසියාවට යන්න වීසා අවශ්‍ය නෑ ! ශ්‍රී ලංකා – මැලේසියා විදෙස් නියෝජිතයන් එකඟවෙයි.

රාජ්‍ය තාන්ත්‍රික සහ නිල විදේශ ගමින් බලපත්‍ර හිමියන් සඳහා වීසා රහිතව මැලේසියාවට ඇතුළු විමට ඉඩ ලබාදීම සඳහා මැලේසියාව එකඟ වී ඇති අතර සියලුම ශ්‍රී ලාංකික විදෙස් ගමන් බලපත් හිමියන් සඳහා වීසා රහිත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට මැලේසියාව එකඟතාව පළ කර තිබෙනවා.

මැලේසියාවේ ක්වාලාලම්පුර්හි දී පැවැති 32 වැනි ආසියානු කලාපීය සංසදයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගි වූ ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් දරනු ලැබූ අතර,  එහි දී අමාත්‍යවරයා මැලේසියානු බලධාරීන් සමඟ මෙම එකඟතාවන් ඇති කරගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ අතර මැලේසියාව පුරා විවිධ අංශවල ශ්‍රී ලාංකික සේවකයන් සදහා රැකියා අවස්ථා 10,000ක් ලබා දීම පිළිබඳව ද  විජිත හේරත් අමාත්‍යවරයා සහ මැලේසියානු බලධාරින් අතර සාකච්ඡා පවත්වා ඇති බව පැවසෙනවා.

තව ද ලාංකික සේවකයන් සඳහා රැකියා සම්බන්ධ පළමු ක්‍රියාකාරී කණ්ඩායම 2025 අවසාන කාර්තුවේ දී ස්ථාපිත කරන බවට මැලේසියානු බලධාරීන් එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

Author

Related Posts