ජාතික ජන බලවේගයේ කන්‍යාභාවය අවසන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
ගෝඨාභය රාජපක්ෂ බලයට ආ වෙලාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මධ්‍යම සංස්කෘතිය අරමුදලේ මුදල් වංචාවක් සිදු කර ඇති ද යන්න සෙවීම සඳහා කමිටුවක් පත් කර ඇත. එම කමිටුව විසින් මේ පිළිබඳව වාර්තාවක් සකස් කළ අතර පසු ගිය ආණ්ඩුව සමයේදී මේ සිද්ධිය පිළිබඳව කෝප් කමිටුවටද ගෙන ආ බව මුජිබර් රහුමාන් පවසයි. එවකට ආණ්ඩුවේ සිටි මහින්දානන්ද වැනි ඇමතිවරු විපක්ෂයේ මන්ත්‍රීවරු සමග මේ පිළිබඳව වාද කළ බව පැවසු මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂනායක වැරැද්දක් කර ඇත්දැයි විගණකාධිපතිගෙන් විමසූ බවයි.
එහිදී විපක්ෂනායකවරයා මේ ආකාරයකට මුදල් අවභාවිතා කර නොමැති බවත් ඔහු මේ මුදල් වියදම් කර ඇත්තේ සිද්ධස්ථාන සකස් කිරීමට බවත් විගණකාධිපති වරයා පැවසූ බව මුජිබර් රහුමාන් පවසයි.
NPP ආණ්ඩුව විසින් රාජපක්ෂ සමයේ වංචා දූෂණ සිදු කරන ලද අයව අල්ලනවා යැයි කියන ගමන් විපක්ෂයේ අයවත් ඒ ගොඩට දැමීමට උත්සාහ ගන්නා බව ඔහු පැවසුවා. 2005 වසරේ සිට රට තුළ දූෂිත දේශපාලන සංස්කෘතිය ඇති කළේ අනුර කුමාර දිසානායකගේ උදව්වෙන් බලයට ආ රාජපක්ෂලා බවත් එලෙස බලයට පැමිණි රාජපක්ෂලා කරන ලද හොරකම් දැන් අනුර කුමාරලා අල්ලමින් සිටින බව මන්ත්‍රීවරයා පැවසුවා. වංචනිකයන් දූෂිතයන් අතරේ සමගි ජන බලවේගයේ අයත් සිටින බව පෙන්වමින් කට වහන්න උත්සාහ ගන්න බව ඔහු ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
ජාතික ජන බලවේගයේ කන්‍යාභාවය අවසන් වී ඇති බව සඳහන් කරමින් ඔහු ප්‍රකාශ කළේ NPP ය පළාත් පාලන මැතිවරණයෙන් පසු සභා වල බලය තහවුරු කිරීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් බවයි. තවදුරටත් NPP යට පතිපත්ති යනුවෙන් කිසිවක් අදාළ නැති බව පැවසූ මුජිබර් රහුමාන් කියා සිටියේ මෙච්චරකල් ගහගෙන සිටි දෑ කැත්ත මිටිය සහ රතු කමිස, රතු හැට්ට, රතු සාරි හැඳගෙන හිටියේ ජනතාව ගොනාට අන්දන්න යයි ඔවුන් විසින්ම පැහැදිලි කළ බවයි.
