අපේ හෙළිදරව් නිසා ආණ්ඩුවට තමන්‌ගෙ හොර වැඩ අකුලගන්න වෙලා – වසන්ත මුදලිගේ කියයි

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා විදුලි සැපයුම් ඒකක 700 ක් (Power Distribution Unit) මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය පිළිබඳව ජන අරගල සන්ධානය හෙළිදරව් කළ බවත්, ඒ හේතුවෙන් මේ වන විට එම ටෙන්ඩර් ක්‍රියාවලිය අත්හිටුවන බවට ආණ්ඩුව තීරණය කර ඇති බවත්, ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ පවසනවා.

පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ සඳහන් කළේ, යෝජිත විද්‍යුත් හැඳුනුම්පත් ක්‍රියාවලියට අදාළ උපාංග සවි කිරීමට මෙම විදුලි සැපයුම් ඒකක මිලදී ගන්නා බවත්, ඒ අනුව ප්ලග් 8 ක් සහිත වයර් කෝඩ් එකක්, එය බිත්තියට සවි කිරීම සඳහා ප්ලග් ටොප් එකක් සහ ආවරණය කිරීම සඳහා ප්ලාස්ටික් බොක්ස් එකක් සහිත සම්පූර්ණ කට්ටලයක් ලංකාව පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 700ක් වෙත ලබා දීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කර ඇති බවත්, ඒ සඳහා ආයතන 8ක් ලංසු ඉදිරිපත් කර ඇති බවත් ය.

කෙසේ නමුත්, මෙම ආයතන විසින් ප්ලග් 8ක් සහිත මීටර් 10ක් දිග වයර් කෝඩය සඳහා රුපියල් 25,700, රුපියල් 83,000, රුපියල් 14,800, රුපියල් 18,300, රුපියල් 72,517 සහ රුපියල් 5890 වශයෙන් විවිධ මිළ ගණන් මේ සඳහා ඉදිරිපත් කර ඇති අතර, ආණ්ඩුව මෙවැනි ටෙන්ඩර් කැඳවීමක දී අදාල ඇණවුම අවම ලංසුවට සහ ආණ්ඩුව ඉදිරිපත් කර ඇති කොන්දේසි සපුරාලන ආයතනයට හෝ පුද්ගලයාට ලබා දිය යුතු වුවද අදාළ ටෙන්ඩරය ලබා දී ඇත්තේ රුපියල් 72,517ක ලංසුව ඉදිරිපත් කළ ඉෂාර නානායක්කාරගේ Browns Engineering & Construction සමාගමට බව ඔහු එහි දී මෙම හෙළිදරව්ව සිදුකරමින් පැහැදිලි කරනු ලැබුවා.

එසේ හෙළිදරව් කර තිබියදීත් කිසිඳු අක්‍රමිකතාවක් සිදු වී නොමැති බව රජය දිගින් දිගටම සඳහන් කරනු ලැබූ බවත්, මෙම ටෙන්ඩරය හේතුවෙන් යම් අක්‍රමිකතාවක් සිදු වන බවට ජන අරගල ව්‍යාපාරය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ බවත් සඳහන් කළ වසන්ත මුදලිගේ අවසාන වශයෙන් සඳහන් කළේ, මෙම ටෙන්ඩරය අවලංගු කළ සැණින් එහි නාස්තිමය කාරණා අවසන් නොවන බවයි.

Author

Related Posts