දියවඩන නිළමෙට අපහාස කරන්න එපා…

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා ලෙස කටයුතු කරන ප්‍රදීප් නිලංග දෑලට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමක් වළක්වන නියෝගයක් කොළඹ දිසා අධිකරණය විසින් ඊයේ (15) වනදා නිකුත් කර ඇත.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, ප්‍රදීප් නිලංග දෑල නීතිඥයන් හරහා ගොනු කළ නඩුකරයකට අදාළව වන අතර, එහි විත්තිකරුවන් වන සුදන්ත තිලකසිරි සහ දමිත් නුවන් කොඩිතුවක්කු ආරච්චි යන පුද්ගලයින්ට එරෙහිවයි. මෙම නඩුව සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සදුන් විතාන විසින් වාරණ නියෝගය නිකුත් කර ඇත.

එම නියෝගය අනුව, සෘජුව හෝ වක්‍රව දියවඩන නිළමේවරයාට අපහාස වන අයුරින් ප්‍රකාශ කිරීම, පුවත් පළ කිරීම, හෝ වෙනත් කිසිඳු අපහාසාත්මක කටයුත්තක් සිදු කිරීම තහනම් කර තිබේ. එමෙන්ම විත්තිකරුවන් සතුව ඇති යූටියුබ් නාලිකාවන් හරහා එවැනි අන්තර්ගත පළ කිරීමද වාරණ නියෝගයට යටත් කර ඇත.

පැමිණිලිකාර ප්‍රදීප් නිලංග දෑල වෙනුවෙන් රසික දිසානායක, අසංක ජයනාත් සහ චෙරාග් නිල්ගිරිය යන නීතිඥවරුන් අධිකරණය ඉදිරියේ පෙනී සිටි බවද වාර්තා වේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading