බත් පත බෙදාගන්න හැටි හරියට ඉගෙන ගන්න… මිනිසා බිහිවූ දා පටන් ආහාර සකසා ගැනීමට අපිට සොබා දහමේ සංස්කෘතිය වෙනස් කරන්නට සිදුවුණා

ආහාර සුරක්ෂිතතාවය ගැන ජනතාවට අවබෝධයක් නැති තාක් කල් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ප්‍රයෝජනවත් නොවන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත පවසයි.

කන්නට අවශ්‍ය ප්‍රමාණය නොදැන බෙදාගන්න බත් පතෙන් බාගයක් නිකරුණේ විසිකරනා තාක්කල් අපි කොතෙක් ගොවිතැන් කළත්, ඇළවේලි අලුත්වැඩියා කෙරුවත්, කොච්චර නිෂ්පාදනයන් කළත් පලක් නොවන බවත්, පළමුව ආහාර සුරක්ෂිතාව ඇති කිරීමේ වගකීමට පෙළ ගැසිය යුතු බවත් ඔහු එහිදී සඳහන් කළා.
වසර 35 කට පසු හක්ව‍ටුනාව ඇල පද්ධතිය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසහනට සමගාමීව පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හත්වටුනාව ජලාශයේ ඇළවේලි, කෘෂි මාර්ග පද්ධතියේ ප්‍රතිසංස්කරණ දියත් කිරීමේ සමාරම්භක උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළා

රාව ඇල සිසිල් පොකුණ වැව අසල පැවති මෙම උත්සවයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත සහ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ද සහභාගී විය.

හතර වන සියවසේ පමණ ආරම්භ කර ඇති මෙම හක්ව‍ටුනාව රාව ඇල වාරි පද්ධතිය ඉතා සුන්දර පරිසර පද්ධතියකින් හෙබි මෙම කලාපය දීර්ඝ කාලයක්එ තිස්සේ එනම් වසර 35ක, 40ක පමණ කාලයක් කිසිදු රජයකින් ප්‍රතිසංස්කරණයක් සිදු නොවුනු වාරි පද්ධතියකි. වත්මන් රජය යටතේ මෙම වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රුපියල් ලක්ෂ 2000 ක මුදලක්(මිලියන 200) වෙන්කර ඇති බව වාර්තා වේ.

එම අවසතාවේ අදහස් දක්වමින් කේ.ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයා මෙසේද කීය.
අපි අද මෙතැනට ආවේ සොබා දහමෙන් නොලැබුණු මිනිසුන් විසින් නිර්මාණය කරගත් දේවලින් සොබා දහමට සිදු වී ඇති විනාශයට විසඳුම් සෙවීම සඳහායි. ගංගා, ඇළ – දොළ, දිය පාරවල්, උල්පත්, වර්ෂාව, සුළඟ මෙන්ම හක්වටුනා ඔය සොබා දහමෙන් උරුම වූ දායාදයන්ය. මිනිසා බිහිවූ දා පටන් කොයි දේටත් කලින් ආහාර සකසා ගැනීම සඳහා අපිට සොබා දහමේ සංස්කෘතිය වෙනස් කරන්නට සිදුවුණා. ඊට සමගාමීව හක්වටුනා ජලාශයන් මිනිසුන් විසින් නිර්මාණය කරගත් එවැනි සංස්කෘතියකි. වැව යටතේ වාමාර්ගයක්ද ස්ථාපිත වුණා. සොබා දහමෙන් අපිට අවැසි ආහාර ප්‍රමාණය නොලැබෙන විට ඒවා ප්‍රශ්න බවට පත්වන විට පන නැගුණු ගැටලුවලට විසඳුම් සොයන්නට මිනිසා කැලෑවට රිංගන කොට වනජීවියත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් කියනවා ඒවා අපිට අයත් ඉඩම් කියලා. එතකොට ගොවියා කියනවා ඒවා අපේ ඉඩම් කියලා. මෙවැනි ප්‍රශ්න හමුවේ නැති ප්‍රශ්න පැනනගිනවා.

මිනිසා තමාගේ දුකම කියන නමුත් අලියාගෙන්, රිළවාගෙන්, වඳුරාගෙන්, මොනරාගෙන්, දඬුලේනාගෙන් ඇතුළු වන සිවුපාවුන්ගෙන් වන හානිය ගැන ගොවියා කතා කරනවාද? එමෙන්ම පරිසරයට, මේ සතුන්ට සිදුවන විනාශය ගැන කවුරුත් කතා කරන්නේ නෑ.
අපි වගා කරමු. පරිසරයට ආදරය කරමු. අනිත් සතුන්ගේ පැවැත්ම ගැන සිතා ඒ සතුන් වෙනුවෙන්ද වගා කරමු. වගාවෙන් කොටසක් වෙන්කරමු. ගොවිජන ජීවිතය තුළින් ඇළවේලි හදමු. වතුර නාස්තිය නොකරමු. යළි වසර තිස් පහකට පසුව කරන මෙවන් සංවර්ධනයෙන් තවත් වසර 40ක්වත් පලප්‍රයෝජන ගන්නට එවිට හැකි වේවි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading