භික්ෂූන් වහන්සේලා සමඟ ලිංගික සබඳතා පවත්වා, ඒවායේ වීඩියෝ පෙන්වා බ්ලැක් මේල් කළ කාන්තාවක් අත්අඩංගුවට…

භික්ෂූන් වහන්සේලා සමඟ ලිංගික සබඳතා පවත්වා, පසුව එම ක්‍රියාවන්හි ඡායාරූප සහ වීඩියෝ භාවිතා කර ඔවුන්ගෙන් මුදල් ලබා ගත් බවට චෝදනා ලැබූ කාන්තාවක් තායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

“මිස් ගොල්ෆ්” ලෙස හඳුන්වන මෙම කාන්තාව භික්ෂූන් වහන්සේලා නව දෙනෙකු සමඟ ලිංගිකව හැසිරී ඇති බව පොලිසිය ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. පසුගිය වසර තුන තුළ ඇයට මේ ආකාරයට බාත් මිලියන 385 ක් (ඩොලර් මිලියන 11.9; පවුම් මිලියන 8.8) පමණ ලබාගෙන ඇති බව වාර්තා වේ. පොලිස් විමර්ශකයින් විසින් ඇයගේ නිවස පරීක්ෂා කර, භික්ෂූන් වහන්සේලාට බ්ලැක්මේල් කිරීමට භාවිතා කළ ඡායාරූප සහ වීඩියෝ 80,000 කට වඩා සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පොලිසිය පවසන ආකාරයට මෙම සිද්ධිය මුලින්ම ඔවුන්ගේ අවධානයට ලක් වී ඇත්තේ ජුනි මැද භාගයේදී වන අතර බැංකොක්හි හිමිනමක් හදිසියේම කාන්තාවක් විසින් කප්පම් ගැනීමෙන් පසු පැවිදි බව අත්හැර ගිය පසුව බවයි. 2024 මැයි මාසයේදී මිස් ගොල්ෆ් භික්ෂුවක් සමඟ “සම්බන්ධතාවයක්” පැවැත්වූ බවත් පසුව ඇයට ඔහුගෙන් දරුවෙක් සිටින බව පවසා බාට් මිලියන හතකට වඩා වැඩි වන්දියක් ආධාරයක් ඉල්ලා ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

මේ ආකාරයට අනෙකුත් භික්ෂූන් වහන්සේලා සමගද මිස් ගොල්ෆ් මෙලෙස මුදල් ගනු දෙනු සිදු කර ඇති බව පොලිසීය සොයාගෙන ඇත. කෙසේ වුවද මෙම මුදල් සියල්ල ගිනිමෙන් ඉවත් කරගෙන ඇති අතර කොටසක් අන්තර්ජාල සූදු සඳහා භාවිතා කර ඇති බව පැවසේ. මේ වන විට පොලීසිය විසින් ඇයව අත් අඩංගුවට ගෙන, කප්පම් ගැනීම, මුදල් විශුද්ධිකරණය සහ භාණ්ඩ සොරකම් කිරීම ඇතුළු බහුවිධ චෝදනා එල්ල කර තිබේ.

එසේම “අයුතු ලෙස හැසිරෙන භික්ෂූන්” පිළිබඳව තොරක් ලැබුණහොත් දැනුම් දීම සඳහා පොලිසිය විසින් ක්ෂණික ඇමතුම් අංකයක් ද විවෘත කර තිබේ.

මෑත වසරවලදී ලිංගික අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන භික්ෂූන් පිළිබඳ චෝදනාවලින් තායිලන්තයේ ඉතා ගෞරවාදරයට පාත්‍ර වූ බෞද්ධ ආයතන කීර්තිය දෙදරවා ඇත. මෙම අපකීර්තිය හේතුවෙන්, තායි බුද්ධාගම් පාලක මණ්ඩලය වන සංඝ උත්තරීතර මණ්ඩලය විසින් ආරාම රෙගුලාසි සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පිහිටුවන බව පවසා ඇත. එසේම මේ වන විට ආරාම නීති කඩ කරන භික්ෂූන් සඳහා දඩ සහ සිර දඬුවම් ඇතුළුව දැඩි දඬුවම් ලබා දීම සඳහා සඳහා ද රජය ද කටයුතු කරමින් සිටී.

තායිලන්තයේ වජිරලොන්කෝන් රජු විසින් ජුනි මාසයේදී භික්ෂූන් 81 දෙනෙකුට උසස් පදවි ප්‍රදානය කරමින් රාජකීය ආඥාවක් නිකුත් කර තිබී ඇති අතර එය මේ සතියේ, අවලංගු කර ඇත. භික්ෂූන් වම්බන්ධ මෙම විෂමාචාර සිද්ධීන් නිසා බෞද්ධයන්ගේ ඉතා දුකට පත් වී මනසින් කඩා වැටි ඇති බවයි.

තායිලන්තයේ ජනගහනයෙන් 90% කට වඩා බෞද්ධයන් බව හඳුනාගෙන නමුත් තායිලන්තයේ භික්ෂුන් වහන්සේලා පිරිහීමට ලක්ව ඉතා ගෞරවයට පාත්‍ර වී ඇත. එරටේ බොහෝ තායි පිරිමින් ද තාවකාලිකව භික්ෂූන් ලෙස පැවිදි වීමට තෝරා ගන්නේ හොඳ කර්ම රැස් කර ගැනීම සඳහා වන නමුත් ඔවුන්ගේ බෞද්ධ ආයතනය (Buddist institutions) මෑත අතීතයේ දී අතිශය අපකීර්තියට බඳුන් වී ඇත.

තායි සංඝ සමාජය තුළ විනය හා වගවීමේ ගැටළු පිළිබඳව වසර ගණනාවක් තිස්සේ විවේචන පැවතියද, සියවස් ගණනාවක් පැරණි ආයතනයන්හි සැබෑ වෙනසක් සිදුවී නොමැති බව බොහෝ දෙනෙක් පවසති. මෙම ගැටලු ඇති වීම සඳහා බලපානු ලබන හේතු වලින් විශාල ප්‍රමාණයක් එහි දැඩි ධූරාවලිය නිසා ඇතිව ඇති බවත් විශේෂඥයෝ පවසති.

ආගමික විශාරද සුරෆොට් තවීසක් සඳහන් කරන ආකාරයට, තායිලන්තයේ සඟ සමාජයද තායි නිලධාරිවාදයට සමාන ඒකාධිපති ක්‍රමයක් සමග පවත්වාගෙන යන අතර එහිදී ජ්‍යෙෂ්ඨ භික්ෂූන් ඉහළ නිලධාරීන් හා සමාන වන අතර කනිෂ්ඨ භික්ෂූන් ඔවුන්ගේ යටත් නිලධාරීන් වේ. යම් භික්ෂුවක නුසුදුසු දෙයක් දුටු විට, කතා කිරීමට එඩිතර නොවන අතර එයට අනුගත වී හෝ සඟවාගෙන සිටින්නේ, යම් හෙයකින් එවැනි දේ පිළිබඳව කතා කිරීම නිසා පන්සලෙන් පන්නා දැමීම සිදු වී හැකි බැවිනි.”

නමුත් සමහරු පොලිසිය සහ සංඝ සභාව යන දෙඅංශයෙන්ම සිදුවෙමින් පවතින පරීක්ෂණ, අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන පියවරක් ලෙස දකිති.

බැංකොක්හි තම්මාසාත් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාඥ ප්‍රකිරති සතසුත් මෙසේ පවසා ඇත.
“වැදගත්ම දෙය වන්නේ, සංඝයාගේ නිර්දෝෂීභාවය පිළිබඳ මහජනතාවට ඇති සැකයන් දුරු කර ගත හැකි වන පරිදි සත්‍යය හෙළි කිරීමයි,” “එය රඳා පවතින්නේ උත්තරීතර සංඝ සභාව සංවිධානය බේරා ගැනීම සඳහා සමහර අයගේ අත් සහ කකුල් කපා දමන්නේද යන්න මතය.”

Author

Related Posts