කැන්ටින් එකේ රාජපක්ෂට බැන්න අනුර ධනවාදයේ පියා වෙලා – සුජීව

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට ධනවාදයේ පියා බවට පත්ව තිබෙන බව සුජිව සේනසිංහ මහතා පවසනවා.

අද (17) පැවති රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් නීති විරෝධීව එකලස් කිරීමේ සිදුවීමට අදාළ නඩුව සම්බන්ධව ඇප මත නිදහස්ව පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියා.

මෙලෙස ධනවාදයේ පියා බවට පත්ව සිටින්නේ රාජපක්ෂවරුන්ගේ තර්ජන සම්බන්ධයෙන් තමා හා දයාසිරි මන්ත්‍රිවරයා සමඟ කතා කල පුද්ගලයා බවයි සේනසිංහ මහතා කියා සිටියේ.

පොලිසි වලින් තමාගේ හැදියයාව  නැති කිරිමට නොහැකි බව පැවසු සුජීව මහතා තමාගේ දේශපාලන දිවියේ ආරම්බය මෙය විය හැකි බව සඳහන් කළා.

තවදුරටත් අදහස් දැක්වු ඔහු,

රජපක්ෂවරුන්ගේ තර්ජන ගර්ජන බලන්න දයා බලන්න සුජිව මුන්කරන වැඩ කියපු මනුස්සයා අද ධනවාදයේ පියා බවට පත්වෙලා තියනවා….ධම්මික පෙරේරා ඉෂාර නානායක්කාර ධනවාදි ලංකාවේ ඉන්න ලොකුම සල්ලිකාරයෝ අනුර කුමාරගේ යාලුවෝ.ධම්මික පෙරේරා ටෙක්නිකල් කමිටි එකෙන් රිජෙක්ට් කරපු සුලං බලාගාරය එයාට දෙනවා.අනුර කුමාර නිති විරෝධි දේවල් ගැන ලොකුවට කතාකරපු කෙනා .අනුර දැන් ලොකුම ඒකාධීපතියා බවට පත්වෙලා තියනවා ආසියාවේ.කලින් ජේවිපි එකට බලයක් තිබ්බේ නැහැ.ඒ බලය පාවිච්චි කරලා මිනි මැරුවා.මේ වෙලාවේ ආණ්ඩු බලය ලැබිලා තියනවා.පොලිස් බලය රට පොලිස් රාජ්‍යක් බවට පත්කරගෙන මේ යන්නේ.දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ දිගටම හඩ නැගුවා.දයාසිරිත් ටාගට් වෙනවා.කතා කලොත් ටාගට් වෙනවා.අනුර කුමාර මෙහෙම ටාගට් වුනානම් මිට අවුරුදු 20-25කට කලින් හිරේ.මේ විදියට මහින්ද රාජපක්ෂ,රනිල්,ගෝඨාභය චන්ද්‍රිකා කටයුතු කලේ නැහැ.මේ ආණ්ඩුව ඉතාම පහත් විදියට CIDඑක ගෙදර කුස්සිට බවට පත් කර ගනිමින් එවගේම නීතියට අදාල සියලුම ආයතන තමන්ට ඕන විදියට දඩයම් කිරිමේ ව්‍යාපාරය දිගටම කරගෙන යන්න බැහැ…..

Author

Related Posts