මාස 9කට පසු සුහයිල්ට ඇප

සමාජ මාධ්‍යවල පළ කළ ඊශ්‍රායල විරෝධී සටහනක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි 21 හැවිරිදි ගුවන් සේවා ශිෂ්‍යයකු වන මොහොමඩ් සුහයිල් නිදහස් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා.

මොහොමඩ් සුහයිල් අද (15) විවෘත අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

දෙහිවල පොලිස් ස්ථානාධිපති අනුරාධ හේරත්, මොහොමඩ් සුහයිල් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා නීතිපතිවරයාගේ නිර්දේශය මහේස්ත්‍රාත්වරයාට මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම නිර්දේශය සැලකිල්ලට ගනිමින් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් මොහොමඩ් සුහයිල් ඇප මත මුදා හරින ලෙස පොලිසියට උපදෙස් ලබා දෙනු ලැබුවා.

සුහයිල් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගීත්මා ප්‍රනාන්දු, නීතිඥ ඉල්හාම් හසානාලි, අෂ්රෆ් මුක්තාර් සහ බෙහ්ෂාඩ් යන සහභාගී වූහ.

මොහු පසුගිය 8වනදා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබු අතර එහිදී මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේ අද දින භෞතිකව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මාවනැල්ලේ පදිංචි, මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් තරුණයා, දෙහිවල පොලිසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරමින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීයි.

ඊශ්‍රායල් ධජය පාගාගෙන සිටින වීඩියෝවක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පළ කළ කිරීමට ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.

පළමු අවස්ථාවේදී,( ඔක්තොම්බර් 23) සිය ජාතික හැඳුනුම්පත රැගෙන යාමට අපොහොසත් වීම හේතුවෙන් දෙහිවල පොලිසිය විසින් ඊශ්‍රායල කොන්සියුලර් කාර්යාලය අසලදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊට පසු දින (24) එම ලේඛනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව නිදහස් කර තිබුණා.

කෙසේවෙතත් එදිනම දෙහිවල පොලීසිය විසින් කට උත්තරයක් ගැනීමට යැයි පවසමින් ඔහු යළිත් පොලීසියට රැගෙන ගොස් ඇති අතර, දින දෙකකට පසුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාස 9කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඊශ්‍රායල් විරෝධී ස්ටිකර් ඇලවීම හේතුවෙන් මොහොම් රුෂ්ඩි නමැති තවත් තරුණයෙකු ද මීට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරමින් අත්අඩංගුවට ගෙන රඳවා සිටි අතර ඔහු මේ වන විට අධිකරණයෙන් ඇප මත මුදාහැර සිටිනවා.

Author

Related Posts