සජිත්ට කෙළවෙයිද? සජිත්ගෙ කාලෙ නිවාස අධිකාරියේත් හොරකම් හොයයි!

සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරය දැරූ 2015 සහ 2019 කාල සීමාවේ නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතීන් තුළ සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට විගණන විමර්ශනයක් සහ අමාත්‍යාංශ මට්ටමේ විමර්ශනයක් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ අනුව ප්‍රචාරක ව්‍යාපෘති ගණනාවක්ද එම කාලයේ සිදු කර ඇති බවට මේ වන විට කරුණු වාර්තා වෙමින් තිබෙන බවත්, ඒ පිළිබඳවත් අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණ සිදු වෙමින් පවතින බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසනවා.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා :

“ඉදිරිපත් කරලා තියෙන වාර්තාව අනුව 2015 2019 සැමට සෙවණ කියලා ආදර්ශ ගම්මාන 2562 ක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තිබුණත් විවෘත කරලා තිබිලා තියන්නෙ 367ක් විතරයි. ඒකෙන් ආදර්ශ ගම්මාන ණය ලබා දීලා තියෙන ප්‍රතිලාභීන් විසිපන්දාස් හාරසීය පනස් තුනකටයි ණය හැටියට ලබා දීලා තියෙන්නේ. ආධාර හැටියට ලබා දීලා තියෙනවා විසි අට දහස් හයසිය තිස්තුනකට.ඔක්කොම ප්‍රතිලාභීන් ඉන්නේ පනස් හය හතරදහස් අසූ හයක්.

මේ සඳහා ණය ලබාදීමේදී මිලියන 13000කට ආසන්න ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ විවෘත කිරීම් වෙනුවෙන් දරන ලද මුළු ප්‍රචාරක වියදම තමයි, මිලියන පන්සිය විසි තුනයි දශම හයක්. ප්‍රචාරක වියදම් වෙනුවෙන් වියදම් කරලා තියෙනවා මේ ටිකට.

ඒ සම්බන්ධයෙන් දැන් පරීක්ෂණයක් සිදුවෙමින් පවතිනවා නිවාස අමාත්‍යාංශය තුළ. මේ ආකාරයේ ප්‍රචාරක ව්‍යාපෘති ගණනාවක් ඒ කාලයේ සිදු කරල තියෙනන බවට දැන් කරුණු වාර්තා වෙමින් තිබෙනවා.ඒ පිළිබඳවත් අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණ සිදු වෙනවා සහ සමහර ඒවා විගණනය වෙමින් පවතිනවා.”

මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල පිළිබඳ සොයා බැලීමටද විශේෂ කමිටුක් පත් කර තිබෙනවා.

Author

Related Posts