“ඔවුන් මට විද්‍යාලය තුළ නිදහසේ ඉන්න දෙන්නේ නෑ” සෞම්යශ්රී බිසි ඇගේ පියා වන බලරාම්ට ඇය ගිනි තබා ගැනීමට දින දෙකකට පෙර මෙලෙස පවසා තිබුණා.
අප කොටහේනේ පාසැල් දැරිය අම්ෂිකාට යුක්තිය ඉල්ලා තවමත් පාරේ උද්ඝෝෂණය කරන්නෙමු. ඒ යුක්තිය මෑතක, කඩිනමින් නොලැබෙන බව ඉතා හොඳින් දනිමු. අපි ඉතිහාසය පුරා ඉතා හොඳින් දන්නා එක දෙයක් තිබේ. එනම් ලංකාව මරණ වලින් පාඩම් ඉගෙන ගන්නා රටක් නොවේ.
ඉන්දියාවේ ඔඩිෂාහි ඊයේ (14) සිදු වූ 22 හැවිරිදි සෞම්යශ්රී දැරියගේ මරණය කියා සිටින්නේ ලංකාව නොව මේ ලෝකයම අප හැදුණු අපේ ලෝකය නොවන බවයි. මේ ලෝකයේ අධ්‍යාපනය, සංස්කෘතිය, ආගම්, මානව නිදහස, යුක්තිය, ආදරය, සහකම්පනය යන කිසිවක් නැත. ඒවා තියෙනවා යයි කෙනෙක් පැවසුවොත් ඒ පෙන්වන දෙයෙහි කිසිදු අර්ථයක් නැති නොමැති අතර ඒවා හිස් හැඟවුම් පමණි. මතුපිටක් සහිත ඇතුළ හිස් ඒවාය. මේ නරුම සමාජ ක්‍රමය තුළ ඒ සඳහා ඔබට අවශ්‍ය වටිනාකම් මිලදී ගෙන පිරවිය හැකිය. එය හුදු නරුමත්වයේ ආත්මාර්ථකාමී පිරවුමක් මිස ශිෂ්ට සමාජයක, සාමූහික සමාජයක එසේත් නැත්නම් ආදරේ තියෙන සමාජයක යථාර්තයක් නොවේ.
ආචාර්යවරයෙකු පිළිබඳව සිදු කළ, ලිංගික අතවර පැමිණිල්ලක් සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම හේතුවෙන් සියදිවි නසාගත් ඔඩිෂාවේ 22 හැවිරිදි විද්‍යාල ශිෂ්‍යාව සෞම්‍ය ශ්‍රී දින තුනක් ජීවිතය වෙනුවෙන් සටන් කිරීමෙන් පසු ඊයේ රාත්‍රියේ මිය ගියාය. ඇයව බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය බොහෝ වෙහෙස ගෙන තිබුණද ඇය මෙලොව හැර ගියාය. සැබවින්ම ඇයව බේරා ගැනීමට තිබුණේ විද්‍යාලය විසින්ය. සිය දිවි නසා ගන්නා තෙක් හිර වැටී සිටි විද්‍යාල අභ්‍යන්තර කමිටුව ඇතුළු පාලනාධිකාරිය අයගේ මරණය වග කිව යුතුය.
මෙහිදී අභ්‍යන්තර කමිටුව වග කිවයුත්තී අන් කිසිවක් නිසා නොව. ඇය මුලින්ම යට සිදු වූ හිංසනය සහ අසාධාරණය පිළිබඳව පැමිණිලි කර ඇත්තේ එම කමිටුවටය. බලසෝර් හි Fakir Mohan (Autonomous) College හි B.Ed ශිෂ්‍යාවක් වන මෙම දැරිය ජූලි 1 වන දින තම අංශ ප්‍රධානී මහාචාර්ය සමීර් කුමාර් සාහුට විසින් තමාට ලිංගික අතවර කළ බවට පැමිණිලි කර තිබිණි. විද්‍යාලයේ අභ්‍යන්තර පැමිණිලි කමිටුවට ලිපියක් යවමින් ඇය මහාචාර්යවරයාගෙන් මාස ගණනක් තිස්සේ අපයෝජනයට සහ හිංසනයන්ට ලක්වන බව දන්වා තිබුණද, පලනාධිකාරිය විසින් මහාචාර්යවරයාට එරෙහිව කිසිදු පියවරක් ගෙන නොමැත.
පසුව දින හතක් ඇතුළත මීට අදාළව පියවර ගන්නා බවට පොරොන්දු වී ඇති නමුත් කිසිවක් සිදු නොවූ බව වාර්තා වේ. පරිපාලනයෙන් කිසිදු සාධාරණයක් ඉටු නොවන බව පෙනී ගිය බැවින්, ජූලි 12 වන දින ඇය සහ තවත් සිසුන් කිහිප දෙනෙකු විද්‍යාල ගේට්ටුවෙන් පිටත විරෝධතාවක් ආරම්භ කළහ. සෙසු සිසුන්ට ප්‍රකාශ කරන අකාරයට අනුව, විරෝධතාවය මධ්‍යයේ, දැරිය හදිසියේම නැඟිට, විදුහල්පති කාර්යාලය අසල ප්‍රදේශයට දිව ගොස්, ගිනි තබා ගෙන ඇත.
ශරීරයේ සියයට 90 කට වඩා පිළිස්සුම් තුවාල සහිතව ඇයව වහාම භුබනේස්වර් හි AIIMS (All India Institute of Medical Sciences, Bhubaneswar) වෙත ගෙන යන ලදී.
ඊයේ (14) රාත්‍රියේ ජීවිත සටන අවසන් වූ අතර, රෝහල විසින් ඇය මිය ගිය බව ප්‍රකාශ කළේය.
මහ ඇමති මොහාන් චරන් මාජි විසින් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ශෝකය පළ කළ අතර වැරදිකරුවන් සියලු දෙනාටම දැඩි දඬුවම් ලබා දෙන බවට ඇගේ පවුලේ අයට සහතික විය. ඇයගේ මියගිය ආත්මයට සදාකාලික සාමය ප්‍රාර්ථනා කරන අතර, ඇගේ පවුලට මෙම ආපසු හැරවිය නොහැකි පාඩුව දරා ගැනීමට ශක්තිය ලබා දෙන ලෙස ජගන්නාත් දෙවියන්ගෙන් අයැද සිටිමි,” ඔහු පැවසීය. “මෙම නඩුවේ වැරදිකරුවන් වන සියලු දෙනාටම නීතියට අනුව දැඩිම දඬුවමක් ලබා දෙන බවට මියගිය ශිෂ්‍යාවගේ පවුලට මම සහතික වෙමි. මේ සඳහා, මම පෞද්ගලිකව බලධාරීන්ට උපදෙස් නිකුත් කර තිබෙනවා. රජය පවුල සමඟ ස්ථිරව සිටිනවා,” ප්‍රධාන අමාත්‍යවරයා සමාජ මාධ්‍ය සටහක්ද තබා ඇති බව වාර්තා වේ.
දෙවියන් සිටින ලෝකයේ මෙහෙම වෙන්නේ කෙසේදැයි මොහුගෙන් ඇසිය යුතු නොවේද? 22 හැවිරිදි සිදුවිය අපයෝජනය කරන විට, ඇයට සාධාරණය ඉටු නොවන විට මහා ඇමතිගේ දෙවියන් බම්බු ගැහුවාදැයි ඇසිය යුතු නොවේද? ඇය අකාලයේ මරා දැමූ සමාජයක දෙවියන් යනුවෙන් මොකෙක්වත් නැති බව මහ ඇමතිට කිව යුතු නොවේද? විද්‍යාලය තුළ නිදහසේ සතුටින් ඉගෙන ගන්නට නිදහසක් අහිමි කළ ඇයගේ මියගිය ආත්මයට සදාකාලික සාමය ප්‍රාර්ථනා කිරීමම විහිළුවක් නොවන්නේද?
පොලිසිය විසින් විද්‍යාලයේ විදුහල්පති දිලිප් ගෝස් සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සමීරා කුමාර් සාහු අත්අඩංගුවට ගෙන තිබේ. අභ්‍යන්තර පැමිණිලි කමිටුව මහාචාර්යවරයාට පිරිසිදු වාර්තාවක් ලබා දීමෙන් පසු විදුහල්පතිනිය ඇගේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස මියගිය ශිෂ්යවගෙන් ඉල්ලා සිටි බව පැවසේ.
මෙම සිද්ධිය මුළු ඉන්දියාවම දුකට පත් කරවන සිද්ධියක් වී ඇති අතර දේශපාලකයන් මෙම සිද්ධිය තමන්ගේ දෘෂ්ටිකෝණයෙන් කියන්නට මත කර නැත. රාහුල් ගාන්ධි මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙය ‘සංවිධානාත්මක ඝාතනයක්’ බවයි.
කොංග්රස් නායක රාහුල් ගාන්ධි විසින් මෙම සිද්ධිය අලලා භාරතීය ජනතා පක්ෂ රජයට දෝෂාරෝපණය කළේය. ඔහු කියා සිටියේ “මෙය සියදිවි නසා ගැනීමක් නොවේ; එය පද්ධතිය විසින් සිදු කරන ලද සංවිධානාත්මක ඝාතනයක්” යනුවෙනි. එහිදී ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ
මෝදි ජී… ඉන්දියාවේ දියණියන්ට ආරක්ෂාව සහ යුක්තිය අවශ්‍යයි” යනුවෙනි.
