බේරුවල නගර සභාවේ නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදි සමගි ජන බලවේගය සහ ජාතික ජනබලවේගය එක්ව කටයුතු කිරීම සම්බන්ධව අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවා.
එහිදී ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ බේරුවල ප්‍රාදේශීය සභාව පිහිටුවීමේදි සමගි ජන බලවේගය මන්ත්‍රීවරු 43න් දෙනෙකුගෙන් 10 දෙනෙකු පමණක් සිටියදී බලය පිහිටවූ බවත් එහිදී අනුගමනය කළ ක්‍රියාපිළිවෙලම බේරුවල නගර සභාව පිහිටුවීමේදි අදාළ පක්ෂ දෙක විසින් අනුගමනය කළ බවයි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,
“බේරුවල නගර සභාවේදි අපේ තුන්දෙනෙක් ඉන්නවා අපේ කෙනෙක් අපේ නම යෝජනා කළා, ස්ථීර කළා. ඉතිං අර මන්ත්‍රී කණ්ඩායමේ කොටසක් අපිට ඡන්දය ලබා දුන්නා. සමහරවිට ඒ කට්ටිය නොදුන්නානම් අර කට්ටිය අපිට දෙන්නත් ඉඩ තිබුණා. ප්‍රාදේශීය සභාවේදී 43න් 10ක් තියාගෙන සජබ ඒ මන්ත්‍රීවරු ගන්න මොකක් හරි අනුගමනය කරානේ…නේද..කරානේ…. ඒ වැඩේම තමයි අපිත් කරේ…”
