ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යන්ගේ සහ මවුපියන්ගේ විරෝධතාවක් හේතුවෙන් එම විදුහලේ විදුහල්පතිවරයා ඊයේ (14) පොලිස් ආරක්ෂව ලබා ගනිමින් පාසලෙන් පිටව යාමට කටයුතු කළා.
ඒ පාසලේ ආදි ශිෂ්‍ය, දෙමාපිය දෙදහසකට ආසන්න පිරිසක් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් පාසලේ අධ්‍යාපන කටයුතුවලට විදුහල්පතිවරයාගෙන් බාධා එල්ල වී ඇති බවට කළ චෝදනා හමුවේ යි.
කෙසේ නමුත් මෙම විරෝධතාවට සහාය පළ කරමින් ගම්පහ නගරයේ කළු කොඩි ද ඔසවා තිබූ අතර, විදුහල්පතිවරයා පාසලෙන් ඉවත්ව යන අවස්ථාවේ දී ප්‍රදේශවාසීහු රතිඤ්ඤා දැල්වීමට ද කටයුතු කළ ආකාරය දැක ගත හැකි වුණා.
මෙම උද්ඝෝෂණය අතරතුර පාසලේ සිසුන් ද පන්තිවලින් ඉවත් වී විදුහල්පතිවරයාට විරෝධය පළ කිරීමට කටයුතු කරන ආකාරය දැක ගත හැකි වූ අතර, මව්පියන් හා ආදි ශිෂ්‍යයන් පවසා සිටියේ, මාස තුනක් මුළුල්ලේ විදුහල්පතිවරයාට එරෙහිව තමන් විරෝධතා පැවැත්වූ බවයි.
එම අවස්ථාවේ දී අදහස් දැක්වූ බණ්ඩාරනායක විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් එරංග අධිකාරී මහතා සඳහන් කළේ සිසුන් 5,500 කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබමින් සිටින මෙම පාසල විනාශ මුඛයට ඇද වැටීම වළක්වා ගැනීමට මෙම විරෝධතාව සංවිධානය කළ බවයි. කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පාසලේ සිසුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කිරීමට ඉඩ දිය නො හැකි බවත්, කිසිම පරිපාලනයක් නො දන්නා, කිසිම පාසලක විදුහල්පති ධුරයක්වත් දරා නොමැති මෙම විදුහල්පතිවරයා බණ්ඩාරනායක විදුහලේ අධ්‍යාපන කටයුතු වනසමින් සිටි බවයි.
කෙසේ නමුත් මාස තුනකට අුාසන්න කාලයක් මුළුල්ලේ බලධාරීන්ගෙන් සුදුසු විදුහල්පතිවරයෙක් විදුහල වෙත පත් කර දෙන ලෙස ඉල්ලීම් සිදු කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නො ලැබුණු හෙයින් මෙම දැවැන්ත උද්ඝෝෂණය සංවිධානය කළ බවයි අවසාන වශයෙන් ඔහු සඳහන් කර සිටියේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් විරෝධතාකරුවන් සඳහන් කළේ විදුහල්පතිවරයා මෙම විද්‍යාලයට පැමිණ මාස 3ක් ගත වන බවත්, අද වන විට විදුහල්පතිවරයාගේ දුර්වල කළමනාකරණය හේතුවෙන් බණ්ඩාරනායක විදුහල අවුරුදු 107 ක ඉතිහාසය පුරා අත්විඳින කුරිරු ම ඉරණම වර්තමාන විදුහල්පතිවරයා හේතුවෙන් අත්විඳින බවත් ය.
ඔවුන් තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම විදුහල්පතිවරයා කෑගල්ල ප්‍රදේශයේ විදුහලකට නිර්දේශ කර ඇති නමුත් දේශපාලන බළල් හස්තයක් හේතුවෙන් ඔහුව බණ්ඩාරනායක විද්‍යාලය වෙත යොමු කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම විරෝධතාව හමුවේ ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගම්පහ පොලිසියේ ස්ථානාධිපති මොහාන් සිල්වා ප්‍රමුඛ පොලිස් නිලධාරි කණ්ඩායම කටයුතු කර තිබුණා.
