අමෙරිකාවේ නිව්යෝර්ක් සහ නිව් ජර්සි යට වෙයි…

ඊයේ රාත්‍රියේ නිව්යෝර්ක් ප්‍රාන්තයට ඇති වූ හදිසි කුණාටු තත්වයත් සමග නිව්යොර්ක් ප්‍රාන්තය සහ නිව් ජර්සි අවට ප්‍රදේශ වල හදිසි ගංවතුර තත්වයක් ඇති වී ඇත.

ඊයේ දින එම කලාපය හරහා තද වැසි ඇද හැලී ඇති අතර, නගරයේ උතුරු තදාසන්න ප්‍රදේශවල සහ නිව් ජර්සි හි ද ගංවතුර උත්සන්න වෙද්දී එහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි විසින් එම ප්‍රදේශ වලට හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇත.

මෙට්‍රොපොලිටන් ප්‍රවාහන අධිකාරියට අනුව, ගංවතුර හේතුවෙන් නිව්යෝර්ක් නගරයේ උමං දුම්රිය මාර්ග වල ගමනාගමන කටයුතු දැඩි ලෙස අඩාල වී ඇති අතර ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් පර්යන්තයට සහ ඉන් පිටතට මෙට්‍රෝ-උතුරු දුම්රිය සේවාව ද අඩාල වී ඇත. නිව්යෝර්ක් නගරයේ මෑන්හැටන් සහ බ්‍රොන්ක්ස් අතර දුම්රිය සේවාව තත්ත්වය සමනය වී නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් නවතා දමා ඇති අතර එම මාර්ග කරා පිවිසීම සිදු නොකරන ලෙස මගීන්ගෙන් ඉල්ලා සිටී.

අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් ගමන්ද අඩාල වී ඇති අතර සංචාරකයින් රැසක් එම නිසා පිඩාවට පත්ව ඇත. ඒ අනුව ගුවන් ගමන් 1,966 ක් අවලංගු කර ඇති අතර ගුවන් ගමන් 10,090 කට වඩා ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.
නිව් ජර්සි හි නෝර්ත් ප්ලේන්ෆීල්ඩ් හි ස්ටෝනි බෲක් ඉවුරු පිටාර ගැලීමෙන් මාර්ග ජලයෙන් යට වී ඇති අතර ඒ අසල අසල තිබූ වාහන බොහොමයක් ජලයෙන් යට වී ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading