පොලිස් නිලධාරියෙකු නිල නිවසක පදිංචිවී සිටින කාලසීමාව වසර 5 කට සීමාකිරීමට පියවර ගෙන ඇතැයි වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසුරිය මහතා පවසනවා.
වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ, ඊට අදාල චක්රලේඛය මේ වනවිට නිකුත් කර ඇති බවයි.
සෑම නිලධාරියෙකුට එක සමානව සිය දරුවන් උසස් පාසලකට ඇතුළත් කර ගැනීම සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණින් එම පියවර ගත් බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළා.
දරුවන්ගේ වැඩකටයුතුවලට පහසුකමක් දෙන්න යම් කිසි හොද පාසලක් ලබා දීමේ අරමුණින් වැඩපිළිවෙලක් හැදුවා එකක් තමයි නිවාස , සමහර නිළධාරීන් හිටියා නිල නිවාසෙකට ආවම අවුරුදු 30ම ඉන්නවා.අවුරුදු 37ක් ඉන්න නිළධාරීන් ඉන්නවා….හැම නිළධාරියෙක්ටම තමන්ගේ දරුවා හොද පාසලකට දාන්න අවස්තාව දෙන්න ඕන.ඒ නිසා කමිටුවක් දාලා දැනට රජයේ තිබෙන ප්රතිපාදන සමඟ සංසන්දනය කරලා …අවුරුදු පහකට සිමා කරලා අපි චක්රලේකයක් නිකුත් කලා……
