ප්‍රාදේශීය සභාවල රහස් ඡන්දය නවතන්නැයි ඉල්ලූ පෙත්සමට දුන් නියෝගය

සීතාවක නගර සභාව, සීතාවක ප්‍රාදේශීය සභාව ඇතුළු ප්‍රාදේශීය සභා කිහිපයක සභාපති සහ උපසභාපති තෝරා ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් එම පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් අභියාචනාධිකරණය නිශ්ප්‍රභ කර තිබෙනවා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

සීතාවක ප්‍රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර එහි වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

පෙත්සම්කරුවන් පෙත්සම මඟින් පෙන්වා දී තිබුණේ සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය විපක්ෂය සතුව තිබියදී සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරාපත් කරගැනීමට පසුගියදා බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානයත්වයෙන් රැස්වීමක් පැවැති අතර එහිදී අදාළා තෝරා ගැනීම් සිදුකිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස්වරිය තීරණය කළ බවයි.

බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ගෙන ඇති  අදාළ තීරණය නීතියට පටහැනි බවත් එය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

Author

Related Posts