ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා නව බඳවාගැනීම් සිදුනොකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසා ඇත.
ඊට හේතුව ලෙස ඔහු සඳහන් කර සිටින්නේ, නවීන තාක්ෂණික ක්‍රම භාවිත කිරීමත් සමග සංස්ථාව තුළ මානව සම්පත අඩුකිරීමට හැකි වු බවයි.
එසේ වුවද දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කරන සේවකයින් තම රැකියා සම්බන්ධයෙන් බිය විය යුතු නොවන බව කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ වැඩිදුරටත් සඳහන් කළා.
“2012 දී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් 3,290ක් පමණ ප්‍රමාණයක් හිටියා. නමුත් වර්තමානය වෙද්දි අපි සැලසුම් කරලා තියෙනවා බොහෝ දේවල් නවීන තාක්ෂණය උපයෝගී කරගෙන යන්න. එතකොට කලින් හිටිය තරම් සෙනඟක් අපිට අවශ්‍ය නෑ. අපේ නව පිරිස් බල සැකසුමට අනුව 3,290ක් පමණ තිබුණ පිරිස් බලය 2,031කට සීමා කරලා තියෙනවා. දැනට ඉන්න අය බොහෝදෙනෙක් විශ්‍රාම ලබනවා මේ අවුරුද්දේ සහ ලබන අවුරුද්දේ. ඒ අය විශ්‍රාම ලැබුහම අලුතින් එන්නේ නෑ. අලුතින් බඳවා ගැනීම නැවැත්වුවා. කාර්යක්ෂම නොවන සේවාවන් ගොඩක් අපි නවත්තලා තියෙනවා. ඒ නිසා ඒ පිරිස්වල අවශ්‍යතාවයක් දැන් නෑ.” යනුවෙන් ඒ මහතා පැවසීය.
