“අහෝ දුකකි – පිරමීඩ උගුලකි”මැයෙන් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් හෙට (14) සිට ජූලි 18 වන දින දක්වා පැවැත්වීම ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
මේ පිළිබඳව දැනුවත් කරමින් ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව මගින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබුණා.
මූල්‍ය පද්ධතියේ ස්ථායීනාව පවත්වා ගැනීම හා මූල්‍ය පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම යන මහ බැංකුවේ කාර්යභාරයන්ට සමගාමී ව තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳව හා ඒවා මගින් තනි පුද්ගලයන්ට මෙන්ම සමස්ත ආර්ථිකයට සිදුවන සැළකිය යුතු අවදානම් පිළිබඳ ව පුළුල් වශයෙන් දැනුම්වත් කිරීම මෙම ජාතික වැඩසටහනේ ඉලක්කය වේ.
මෙම වැඩසටහන මගින්, පාසල් සිසුන් සහ ගුරුවරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සිවිල් ආරක්ෂක සේවා නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්, රාජ්‍ය අංශයේ සේවකයන් ජාතික වශයෙන් දැනුම්වත් කිරීම අපේක්ෂා කෙරේ.
ඒ අනුව බිම් මට්ටමේ පුළුල් ආවරණයක් සහිත ව ප්‍රජා සහභාගීත්වය සහතික කරමින් මෙමගින් දිවයින පුරා පාසල් 6,172 ක් සහ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022 ක් ඔස්සේ ප්‍රධාන වශයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. තහනම් පිරමිඩ යෝජනා ක්‍රමවලට අදාළ නීතිමය ප්‍රතිපාදන, එවැනි ව්‍යාපාර වල ආකෘතියේ පවතින වංචනික ස්වභාවය හා ව්‍යුහය, පිරමිඩ යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමේ අවදානම් හා මූල්‍යමය ප්‍රතිවිපාක සහ වින්දිතයන්ගේ සත්‍ය ජීවන පුවන් හා වේදනාකාරී අත්දැකීම් යනාදිය පිළිබඳව මෙම සතිය පුරාම සහභාගිවන්නන් දැනුම්වත් කිරීම සිදු කරනු ලබයි.
මෙහිදී, පුළුල් හා ඵලදායී ප්‍රජා සහභාගීත්වයක් සහතික කිරීම උදෙසා බහු මාධ්‍ය ප්‍රචාරණ උපායමාර්ග භාවිත කරමින් දීප ව්‍යාප්ත ව පවත්වනු ලබන මෙම වැඩසටහන පුවත්පත් දැන්වීම්, සමාජ මාධ්‍ය ප්‍රචාරණ වැඩසටහන්, අධ්‍යාපනික පෝස්ටර, සජීවී සංවාද මණ්ඩප, රූපවාහිනී හා ගුවන් විදුලි වැඩසටහන්, ප්රවෘත්ති ප්රචාරක පාඨ සහ මහජන සැසි යනාදී ක්‍රම ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මූල්‍ය වංචා වලින් තමා මෙන් ම අන්‍යයන් ආරක්ෂා කර ගැනීමටත්, මූල්‍ය පද්ධතිය පිළිබඳ විශ්වසනීයත්වය සහතික කිරීමටත්, දැනුම්වත්භාවය සහ විමසිලිමත්භාවය අත්‍යවශ්‍ය වේ. එමනිසා මෙම වැඩසටහන සමග සක්‍රීය ව සහභාගී වී දැනුම්වත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
වැඩිදුර තොරතුරු සහ යාවත්කාලීන කිරීම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය වෙන පිවිසෙන්න; නැතහොත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මහ බැංකුව හා සම්බන්ධ වන ලෙසද ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ප්‍රකාශ කර ඇත.
