මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලක තුන් වන මහළින් ඇදවැටී බරපතළ තුවාල ලබා එම රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබේ. 71 හැවිරිදි මියගිය පුද්ගලයා හාරිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිව පුද්ගලයෙකි.
ඊයේ (12) මෙම අනතුරු සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධව මහනුවර පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.
මියගිය පුද්ගලයා කොන්ත්‍රාත් පදනම මත රෝහලේ ගොඩනැගිලි පින්තාරු කරමින් සිටියදී මෙලෙස ඇද වැටී ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
ශ්‍රී ලංකාවේ අවිධිමත් අංශයේ රැකියා වල ඇති ඛේදවාචකය මෙයයි. පුද්ගලික අංශයේ හෝ රජය අංශයේ සේවකයින් අවුරුදු 60 පමණ වන විට සේවයෙන් විශ්‍රාම ගනී. පසුව ඔවුන් විශ්‍රාම වැටුපක් සමග ජීවත් වේ. ඉන් අනතුරුවත් ඔවුන්ට රැකියාවක් සිදු කිරීමට වීම ලංකාවේ සමාජ ආර්ථික දේශපාලනයේ ඓතිහාසික ගැටලුවක ප්‍රතිපලයකි.
මෙම අද වැටුණු පුද්ගලයා වයස 71ක පුද්ගලයෙකු බව පැවසේ. මේ වයසේ මිනිසුන්ට මෙවැනි අන්තරායකාරී රැකියා වල නිරත වීමට සිදු වීම රටේ පාලනයේ වැරද්දක් මිස අන් යමක් නොවේ. එසේම මෙවැනි රජයේ ආයතනයක යාම කාර්යයක් කොන්ත්‍රාත් පදනම මත ලබා දීමේදී එම කොන්ත්‍රාත්තුව ලබා ගන්නා යට ඕනෑම පුද්ගලයෙකු සේවයේ යෙදවිය හැකිද? මින් ඉදිරියටවත් මේවා ගැන සැලකිලිමත් විය යුතු නොවේද? ලංකාවේ කම්කරු දෙපාර්තමේන්තු පවතින්නේ සහ නිළධාරීන් සිටින්නේ අලුතෙන් බිල්ඩින් හදාගෙන කාමර අස්සේ ගුලි වී සිටින්නටද? මෙවැනි ආයතන සඳහා සේවකයන් සේවයේ යෙදවිය හැකි ආකාරය පිළිබඳව නෛතික රාමු සකස් කිරීමට අවශ්‍ය නොවන්නේද?
මෙවැනි වයස්ගත ජනගහනය ලංකාවේ පොදු සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක ප්රතිලාභ භුක්ති විඳිමින් සිටිය යුතු වේ. නමුත් ලංකාවේ යැපුම් මානසිකත්වය හදන ව්‍යාපෘති හැර අන් කිසිවක් නොමැත. එසේම අවශ්‍යනම් තවත් එක වයසක මිනිහෙක් මිය ගියා කියා නිහඬව සිටිය හැකිය.
