රට තුළ අඳෝනා ඇසෙන්නට පටන් ගනීවි… තෙල් සංස්ථාව රකින්න ආ ආණ්ඩුව තෙල් සංස්ථාවට කරන්න යන දේ…

විදුලිය ගාස්තු සහ ඉන්ධන මිලගණන් ඉහළ දැමීම හමුවේ කරමාන්ත රැසකට බලපෑම් එල්ල වී ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පවසයි.

වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු බදු පිට බදු ගසමින්, විදුලි බිල සහ ඉන්ධන මිල ගසා කන සුත්‍රයකට අනුව වැඩි කිරීම තුළින් වැඩ කරන ජනතාවගේ රැකියා අස්ථාවර තත්වයකට පත්ව ඇති බවද ඔහු සඳහන් කළා. ඔහු පැවසූයේ තෙල් සංස්ථාවේ සේවකයින් 3750කට ආසන්න පිරිසක් ඉවත් කිරීමටද රජය සැලසුම් කර ඇති බවයි.
එහිදී ඔහු කියා සිටියේ 10%ක් බද්ද තිබියදී ඇඟලුම් වලට ගහන 6%ත් සමග 16%ක බද්ද තිබියදී කරමාන්ත ශාලා විශාල ප්‍රමානයක් වැසී ගිය බවත් වතමන් තත්වය අනුව එය උග්‍ර අතට හැරෙනු ඇති බවත්ය. විදුලි බිල අඩු කිරීමට අවස්ථාව තිබියදී ජානාධිපතිවරයා විසින් එම වගකීමද පැහැර හරි බව ආනන්ද පාලිත පැවසුවා. ළිං මදි න්‍යාය අනුව ආණ්ඩුව කටයුතු කරමින් සිටින නිසා අර්බුධ රැසකට මුහුණ දී ඇති බව සඳහන් කරමින් ඔහු කියා සිටියේ විදුලිය සහ ඉන්ධන වැඩි කිරීම මත නිෂ්පාදන වියදම් ඉහළ යාම නිසා බහු ජාතික සමාගම් රට හැර යමින් සිටින බවයි.

එසේම ඉදිරි මාසයක් දෙකක් ඇතුළත රැකියා විරහිතයන්ගේ අඳෝනා රට තුළ ඇසෙන්නට පටන් ගන්නා බව ආනන්ද පාලිත පවසයි. තෙල් සංස්ථාව රකිනවා යයි කියමින් බලයට ආ NPP ආණ්ඩුව තෙල් සංස්ථාවේ සේවකයින් 3750 අයින් කිරීමට සුදානම් වන බවයි. එසේම “මොන උද්ඝෝෂණය කරත්, මොන වැඩ වර්ජනය කළත්, විපක්ෂය මොන දැඟලිලි දැඟලුවත් අපි කරන දේ කරනවා” යනුවෙන් ලාල්කාන්ත ඇමතිවරයා ප්‍රකාශ කළ බවත ඔහු පවසයි. මෙයින් පෙනී යන්නේ ලාල්කාන්තලා යමින් සිටින්නේ වැඩවසම් යුගයට බවත් ඊට එරෙහිව සමස්ත විපක්ෂ සහ සංවිධාන එලියට බැසිය යුතු බවත් ආනන්ද පාලිත වැඩි දුරටත් කියා සිටියා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading