ආණ්ඩුවට අපි සහය දෙනවා – සජිත්

එක්සත් ජනපද වාණිජ හා වෙළඳ දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සමඟ සිදුකරන සාකච්ඡා කෙරෙහි පමණක් අවධානය යොමු නොකර, තීරුබදු ගනුදෙනුව සම්බන්ධයෙන් රජය ධවල මන්දිරය සමඟ සෘජු සාකච්ඡා ආරම්භ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු ඊයේ (11) පාර්ලිමේන්තුවේදි ධවල මන්දිරය තීරුබදු සම්බන්ධයෙන් වාණිජ හා වෙළඳ දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ගේ තීරණ වෙනස් කර ඇති අවස්ථා ඇති බව පැවසුවා.

විපක්ෂ නායකවරයා පැවසුවේ රජය ධවල මන්දිරය සමඟ සෘජු සම්බන්ධතා ඇති කර ගත යුතු අතර රජය අවම වශයෙන් මෙම කාරණය සම්බන්ධයෙන් ධවල මන්දිරයේ මාණ්ඩලික ප්‍රධානියා වෙත ළඟා විය යුතු බව පැවසුවා.

තවද හොදම ගනුදෙනුව ලබා ගැනිම සඳහා රජයට සහය දීමට විපක්ෂය සුදානම් බව සජිත් මහතා කියා සිටියා.

“සෙනෙට් සභාවේ සහ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ශ්‍රී ලංකාව සම්බන්ධ මන්ත්‍රී මණ්ඩල තිබේ නම්, ශ්‍රී ලංකාව මෙම කාරණය සම්බන්ධයෙන් එම සෙනෙට් සභිකයන් සහ මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන් වෙත යොමු විය යුතුයි,”

Author

Related Posts