මෝටර් බයිසිකලයක ගිය ගොවියෙක්ව පොලීසිය මරලාලු! වවුනියාවේ කුමන්කුලම් ඇවිලෙයි!

ඊයේ (ජූලි 11) රාත්‍රියේ වවුනියාවේ කුමන් කුලම් ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකු තල්ලු කොට පොලිස් නිලධාරීන් විසින් මරා දමා ඇතැයි කියන සිදුවීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ නොසන්සුන් තත්වයක් හටගෙන තිබේ. මෙසේ මරණයට පත් වී ඇත්තේ කුමන් කුලම් ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි රාමසාමි ඇන්තනි පිල්ලේ ලෙස හඳුනාගෙන තිබේ.

වාර්තාවන ආකාරයට රාජකාරියේ නියුතු නොවන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් යතුරුපැදියක් බලහත්කාරයෙන් නැවැත්වීමට උත්සාහ ගෙන ඇත. ගොවියෙකු වන එම පුද්ගලයාව නැවැත්වීමට අයුතු බලහත්කාරය පාවිච්චි කර ඇති අතර පොලීසියේ බලහත්කාරය හේතුවෙන් පුද්ගලයා ඇදවැටී මරණයට පත් වී තිබේ.

එය ඇසින් දුටු ජනතාව කම්පනයට පත් වී තිබෙන අතර, පලායෑමට උත්සාහ කළ අදාල පොලිස් නිලධාරීන් දෙදෙනාව නවත්වා‍ගැනීමට ඔවුන් කටයුතු කළ බව අපගේ ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත්, පොලීසිය මෙම මරණයට හේතුව ලෙස කියන්නේ රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රදේශයේ මත්පැන් හලක් අසල වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් නැවැත්වීමට උත්සාහ කර ඇති බවත් යතුරුපැදිකරු පොලිස් නියෝගවලට අනුකූල නොවී එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවත්ය. යතුරුපැදිය හඹායෑමේදී මරණය සිදු වූ බව පොලීසිය කියා තිබේ.

මෝටර් බයිසිකලය වැටී ඇති අයුරු

මෙම සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීන් කෝපය හා නොසන්සුන්තාව ප්‍රකාශ කර ඇති අතර, මරණයට පොලිසිය වගකිව යුතු බවට චෝදනා කරති. මෙම සිද්ධිය හුදු අනතුරක් නොව, පොලිස් අකටයුතුකම් හේතුවෙන් සිදුවූ ඝාතනයක් බවට ඔවුන් චෝදනා කරන අතර, සම්බන්ධිත නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටිති.

Author

Related Posts