අහමදාබාද් සිට ලන්ඩන් බලා පියාසර කරමින් තිබූ ඉන්දියානු ගුවන් සමාගමට අයත් බොයිං 787 මෙම යානය කඩා වැටීමට අදාළ මූලික වාර්තාව නිකුත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2025 ජූනි 12 වනදා සිදු වූ මෙම අනතුර සිදු වන අවස්ථාවේ ගුවන් යානයේ මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළුව 242ක පිරිසක් සිටි අතර, ඉන් එක් මගියෙකු හැරෙන්න සෙසු සියලු දෙනාම ජීවිතක්ෂයට පත්විය. මියගිය සංඛ්‍යාවට ගුවන් මගීන් සහ ගුවන් යානය කඩා වැටුණු ප්‍රදේශයේ සිටි පිරිසද ඇතුළත් බව ඉන්දීය පොලිසිය ප්‍රකාශ කළා.
ඉන්දියාවේ ගුවන් අනතුරු විමර්ශන කාර්යාංශයේ මූලික වාර්තාවකට අනුව මෙම ගුවන් අනතුරට පෙර යානයේ ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම යානය කඩා වැටීමට හේතුවී ඇත.
එමෙන්ම මෙම අවස්ථාව වන විට නියමුවන් දෙදෙනා අතර ව්‍යාකූල තත්ත්වයක් පෙන්නුම් කරන බවත් ඔවුන්ගේ හඩ පටවලට අනුව එක් නියමුවකු අනිත් නියමුවාගේ මෙම ක්‍රියාව ඔහු අතින් සිදු වූවේද යන්න විමසා ඇති බවත් සඳහන් කර තිබෙනවා.
වාර්තාවට අනුව, පියාසැරි පටිගත කරන්නන්ගේ දත්තවලින් පෙනී යන්නේ යාන ගුවන්ගත වීමෙන් ටික වේලාවකට පසු ඉන්ධන පාලන ස්විච දෙක “ධාවනය” ස්ථානයේ සිට “කපා හැරීම ” දක්වා (“run” position to “cutoff”) මාරු කර ඇති බවයි. නියමු කුටියේ හඬ පටිගත කිරීමේදී, එක් නියමුවෙකු අනෙක් නියමුවාගෙන් “ඔහු කපා දැමුවේ ඇයි” යනුවෙන් අසනු ඇසෙන අතර, “අනෙක් නියමුවා ප්‍රතිචාර දක්වන්නේ ඔහු එසේ නොකළ බවයි.”
මොහොතකට පසු, ඉන්ධන ස්විචයන් “ධාවනය” ස්ථානයට නැවත ලබා දුන් බව වාර්තාව පවසයි. නමුත් ඒ වන විට යානයේ තෙරපුම සහ උන්නතාංශය නැති වීමට පටන් ගෙන තිබී ඇත. විමර්ශකයින්ට අනුව, එන්ජින් දෙකම නැවත පණගැන්වුණු බවක් පෙනෙන්නට තිබුණත්, ක්‍රියාත්මක වී ඇත්තේ එකක් පමණි.
විමර්ශකයින්ට අනුව, අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් නියමුවා පළමු නිලධාරියා විය. ඉන්ධන පාලන ස්විච ක්‍රියා විරහිත කරන තෙක් එය ගුවන්ගත වීමේදී අසාමාන්‍ය තත්ත්වයක් නොතිබූ බව වාර්තාවෙන් හෙළි වේ.
