නීති විරෝධීව ගෙන්වූ වාහන නැවත අපනයනය කිරීමට සිදුවනවා… – රේගුව

නීති විරෝධී ලෙස ආනයනය කරන ලද වාහන සඳහා රජයේ සහනයක් නොලැබුණහොත් පවතින තත්වය අනුව ප්‍රති අපනයනය කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

කෙසේ වුවද රජය මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීමට කටයුතු කරමින් සිටින බව රේගුව සඳහන් කළ අතර, ඒ පිළිබඳ අවසන් තීරණයක් හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව ද රේගු නිලධාරීහු සඳහන් කරයි.
මෙලෙස ගෙන්වා ඇති වාහන වල අනිවාර්යයෙන් තිබිය යුතු නීත්‍යනුකූල ලේඛන නොමැති වීම නිසා මේවා නීතිවිරෝධී වාහන ගණයට අයත් වේ.
යම්කිසි ආකාරයකට භාවිතා කරන ලද වාහන ආනයනය කිරීමේදී අදාළ රටේ බැංකුවෙන් ලබාගත් ලියාපදිංචිය අවලංගු කිරීමේ මුද්දර සහිත සහතිකයක් අනිවාර්ය නමුත් මෙම අවශ්‍ය සහතිකය නොමැතිව මෙරටට ගෙන එන ලද වාහන 300කට අධික ප්‍රමාණයක් රඳවාගෙන ඇති බව රේගුව පවසයි

පවතින නීතිමයට තත්වය මත එම වාහන දේශීය වෙළඳපොළට මුදා හැරිය නොහැකි තත්ත්වයක පවතින බව රේගුව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading