හම්බන්තොට කුරුළු උයන පරිශ්‍රයේ සඟවා තිබූ නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද යතුරුපැදි 21ක් පොලිස් භාරයට ගැනීමට අද(12) උදෑසන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සමත්ව තිබේ. එම යතුරු පැදි අතර අධි ධාරිතාවෙන් යුක්ත යතුරු පැදි 13 ක් සහ සාමාන්‍ය ධාරිතාවේ යතුරු පැදි 8ක් විය.
මෙම යතුරු පැදි අතර ඇමෙරිකාවේ නිෂ්පාදිත Harley-Davidson 1000CC යතුරු පැදි 8ක්, එම වර්ගයේම Moter Tricycle 4ක්, චීනයේ නිෂ්පාදිත Tricycle 1ක්ද, Honda ස්කූටර් 3ක් සහ Honda 90CC 5ක් තිබී ඇත.
දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීමේ මෙයෙුමට සමගාමීව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ලද විශේෂ තොරතුරත් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
නාගරවැව කුරුළු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩා කර ඇති කන්ටේනර් පෙට්ටි තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම යතුරු පැදි මෙරටට ගෙන්වා ඇත්තේ කුරුළු කෑම ගෙන්වන මුවාවෙනි. කන්ටේනර් පෙට්ටි වල ඉදිරිපස කුරුළු කෑම ගබඩා කර පසු පස මෙම යතුරු පැදි තබා තිබී ඇත.
පොලීසිය පැවසුවේ මෙම එක් යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එකහමාරකට වඩා වටිනාකමින් යුතු බවයි.
එමෙන්ම මෙහිදී කුරුලු උයන පරිශ්‍රයේ නීති විරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැල 04ක් සමග මෙම සත්ත්ව ගොවිපොළේ කළමනාකරු හා ගබඩා පාලකද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 40 හා 50 වයස්වල පසුවන මාතර හා මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මේ යතුරු පැදි හිමිකරුවන් වහා සොයා අත්අඩංගුවට ගත යුතු අතර මෙම කන්ටේනර පෙට්ටි නිදහස් වූයේ කවර කාලයකද සහ කෙසේද යන්නද සොයා බැලිය යුතුය.
