ආරුගම්බේ සංචාරකයන් වෙනුවෙන් බව කියමින් ධීවරයන්ව දොට්ට දමයි… කහවත්ත මොනාද මේ කියන්නේ?

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් බව කියමින් එම ප්‍රදේශයේ දීර්ඝ කාලයක් තිස්සේ රැකියාවල යෙදුණු ධීවරයන්ව ඉවත් කර දැමීමට කටයුතු කරන බව වාර්තා වේ. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත මෙසේ ධීවරයන්ව ඉවත් කරන බව ප්‍රකාශ කර ඇත.
මෙම වැඩසටහන යටතේ එම ප්‍රදේශයේ පවතින කුඩා යාත්‍රා නැවතුම් පොළ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසයි.

දැනට සංචාරකයන් විශාල වශයෙන් ගැවසෙන ප්‍රදේශයේ කුඩා යාත්‍රා හතර කර තැබීමෙන් සංචාරක කටයුතුවලට වන බාධා වන වන බවත් එම බාධා ඉවත් කරමින් එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම සංචාරකයන් සඳහා වෙන් වූ වෙරළ තීරයක් වශයෙන් සංවර්ධනය කිරීම කරන බව සුසන්ත කහවත්ත කීය. ඒ අනුව දැනට පවතින ධීවර නැංගුරම්පොළ වෙනත් සුදුසු ස්ථානයකට ගෙන ගොස් ධීවර ප්‍රජාවට කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයට සියලු පහසුකම් සහිතව නව ධීවර නැවතුම්පොළක් ස්ථාපිත කිරීම අපේක්ෂාවයි.

මේ යටතේ මෙම සංචාරක කලාපය විශාල වශයෙන් දියුණු වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා පැවැසුවේය. නව ධීවර නැංගුරම් පොළේ ස්ථාපිත කිරීමට අපේක්ෂිත පහසුකම් වැඩි කරන්නටද පියවර ගන්නා බවද ඒ මහතා කීය. ධීවරයන් සදහා අවශ්‍ය වන දැල් සැකසුම් මධ්‍යස්ථාන, එන්ජින් යාත්‍රාවල එන්ජින් තබා ගන්නා ස්ථාන, සනීපාරක්ෂක පහසුකම්, ජල පහසුකම්, ආරක්ෂාව සඳහා අවශ්‍ය ආරක්ෂක ගොඩනැගිලි, මත්ස්‍ය වෙන්දේසි ශාලා සහ ධීවර පරික්ෂක කාර්යාලයක් ඇතුළු අවශ්‍ය මූලික පහසුකම් සියල්ලම ඇලුතෙන් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවද හෙතෙම ප්‍රකාශ කළ බව මව්බිම පවසයි.

ප්‍රදේශයේ කුඩා යාත්‍රා නතර කර තැබීමෙන් සංචාරක කටයුතුවලට වන බාධා ඉවත් කරමින් එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම සංචාරකයන් සඳහා වෙන් වූ වෙරළ තීරයක් වශයෙන් සංවර්ධනය කිරීම මෙහි අරමුණ බව වාර්තා වේ.

කෙසේ වුවද ධීවරයන්ට විවිධ බලාපොරොත්තු සෙමින් සහ රවටමින් සිදු කිරීමට යන ව්‍යාපෘතියක් විය හැකි බව ආරුගම්බේ ප්‍රදේශයේ ධීවරයෙක් පැවසීය. සංචාරක කර්මාන්තය සඳහා මෙම යාත්‍රා නැවතුම් පොළ සහ ධිවර කටයුතු බාධාවක් වනවා යයි පවසන් පදනමද සුසන්ත කහවත්ත පැවසිය යුතුය. එය කටින් නිකන් ඔහේ කියවීමට වඩා මේ සම්බන්ධව සිදු කළ පර්යේෂණ සහ එහි වාර්තා අනුව ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වනු ඇත. එසේම NPP වැනි ආණ්ඩුවක් ධීවරයන්ගේ ජීවිතය සහ රැකියාව සම්බන්ධ සංවේදී කාරණයකදී මීට වඩා smart විය යුතුය. මක් නිසා මේ කර්මාන්තය මේ ස්ථානයේ පවත්වාගෙන යමින් සංචාරක කර්මාන්තය නගා සිටුවීමට පොහොට්ටු UNP සැලසුම්වලට වඩා දියුණු සැලසුම් තිබිය යුතුය.

කෙසේ වුවද මෙම ව්‍යාපෘතිය ධීවරයන්ට විවිධ බලාපොරොත්තු දෙමින් සහ රවටමින් සිදු කිරීමට යන ව්‍යාපෘතියක් විය හැකි බව ආරුගම්බේ ප්‍රදේශයේ ධීවරයෙක් පැවසීය. සංචාරක කර්මාන්තය සඳහා මෙම යාත්‍රා නැවතුම් පොළ සහ ධීවර කටයුතු බාධාවක් වනවා යයි පවසන පදනම ද සුසන්ත කහවත්ත පැවසිය යුතුය. එසේම මෙතෙක් කල් මේ ධීවරයන් ධීවර කටයුතු වල නිරත වීම නිසා සංචාරක කර්මාන්තයට බලපෑම් වූ බවට වන සංඛ්‍යා දත්ත සහ වාර්තා මොනවාද?

එය නිකන් ඔහේ කියවීමට වඩා මේ සම්බන්ධව සිදු කළ පර්යේෂණ සහ එහි වාර්තා අනුව ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වනු ඇත. එසේම මෙම දියුණු කිරීමට යන ව්‍යාපෘති යෝජනාව හෝ ඒ පිළිබඳව වන සාරාංශයක් වත් ඉදිරිපත් කළ යුතු අතර ධීවරයන්ගේ රැකියාව සම්බන්ධයෙන් වගකියන බවට වන සහතිකය ආණ්ඩුව මගින් ලබා දිය යුතුය. ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටු වීම යයි කියමින්, මේ හරහා විදෙස් රටක ව්‍යාපාරයන් ගොඩ නැගීමේ හෝ සංවර්ධනයක් සිදු කිරීමේ යම් හෝ බලාපොරොත්තුවක් ඇත්නම් ඉන් ඇති වන අතුරු ප්‍රථිපල සහ විපාකයන්ට කහවත්තලා වග කිව යුතුය. එසේම NPP වැනි ආණ්ඩුවක් ධීවරයන්ගේ ජීවිතය සහ රැකියාව සම්බන්ධ සංවේදී කාරණයකදී මීට වඩා smart විය යුතුය. මක් නිසා මේ කර්මාන්තය මේ ස්ථානයේ පවත්වාගෙන යමින් සංචාරක කර්මාන්තය නගා සිටුවීම පිළිබඳව පොහොට්ටු UNP සැලසුම්වලට වඩා දියුණු සැලසුම් තිබිය යුතුය.

Author

Related Posts