වෘත්තීය ක්‍රියාමාර්ගයට බයේ ලංවිම ඇමති රැස්වීමක් දෙයි… නමුත් සේවකයන්ගේ ප්‍රශ්න වලට උත්තර දීම මගහැරලා…

ලංකා විදුලිබල මණලය ප්‍රතිව්‍යුහගතකරණය ස්ථිර බව ලං.වි.ම ප්‍රකාශ කර ඇත. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ දී විදුලි බලය රජය යටතේ තවදුරටත් ක්‍රියාත්මක වන බවත්, කිසිදු ආකාරයකින් සේවක කප්පාදුවක් සිදු නොකරන බවත් විදුලිබල ඇමැති ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ගෙන ආ පනත් කෙටුම්පතට විදුලිබල මණ්ඩල සේවකයන්ගේ දැඩි විරෝධතාවයක් පවතී. මක් නිසාද යත් මේ හරහා සමාගම් කිහිපයකට මණ්ඩලයේ කටස් කර ලබා දීම තුළ සේවකයින්ගේ රැකියා පිළිබඳ අනිවාර්යය අවදානමක් පවතී. ඇමතිවරයා ආණ්ඩුවේ කතාව කීම හැර අන්කිසිවක් නොකරන බැවින් සේවකයින්ගේ රැකියා බේරා ගැනීම උදෙසා වෘත්තීය සමිති විසින් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී. මක් නිසාද යත් ආණ්ඩුව කම්කරු ආණ්ඩුවක් යයි කියමින් බලයට පැමිණියද කිසිදු ආකාරයකට කම්කරු හිතවාදී ප්‍රතිපත්ති මත පිහිටා ක්‍රියා නොකරන බැවිණි.

කෙසේ වුවද මණ්ඩලයේ වෘත්තීය සමිති 23ක් එක්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට සිදනම් වෙමින් ඊට අදාළ පූර්ව දැනුවත් කිරීම් සහ ප්‍රචාරණයන් සිදු කරමින් සිටියදී කඩිමුඩියේ අමාතයවරයා සාකච්ඡාවක් ලබා දී ඇත. ඒ එසේ නොදුනහොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සඳහා වෘත්තීය සමිති සූදානම්ව සිටි පසුබිමක් තුළය.
ඊයේ (10) මේ සම්බන්ධයෙන් විදුලිබල ඇමැති ඉංජිනේරු කුමාර ජයකොඩි වෘත්තීය සමිති සමග රැස්වීම පවත්වා ඇති අතර ඒ පිළිබඳ What News විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතාගෙන් විමසීමක් කළා.

මෙහිදී නන්දන උදය කුමාර සඳහන් කළේ පාර්ලිමේන්තුවේ විදුලි බල පනත් කෙටුම්පත විවාදයට ගන්නා දවසේ රට පුරා විදුලිබල මණ්ඩල සේවකයන්ගේ සහභාගිත්වයෙන් දැවැන්ත උද්ගෝෂණයක් සංවිධානය කර තිබූ බවයි. මේ සම්බන්ධව දැනුවත් කිරීමට අත්පත්‍රිකා බෙදීමේ රටපුරා ශාඛා වල සංවිධානය කර තිබූ අතර ඒ අතර තුර ඇමතිවරයාගේ රැස්වීම කැඳවා තිබේ.
අමාත්‍යවරයා සමග පැවති රැස්වීමේදී ඇමතිවරයා ආණ්ඩුවේ දේශනයක් පවත්වා ඇති අතර සේවකයන්ගේ ඉල්ලීම් සහ ප්‍රශ්න විසඳීම කෙරෙහි එතරම් අවධානයක් යොමු කර නැත. විශේෂයෙන්ම මණ්ඩලය සමාගම් වලට කඩා වෙන් කළ පසු සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොමැති ආකාරයෙන් කටයුතු කටයුතු කරන බව පෙනේ.
නන්දන උදය කුමාර පවසන පරිදි විදුලි බල ඇමති රැස්වීම පවත්වා ඇත්තේ සේවකයන්ගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට හෝ පිළිතුරු දීමට නොව ආණ්ඩුවේ කිසි වගකීමක් නැති කතන්දර කීමටය.

දෙපාර්තමේන්තුව ලංකා විදුලිබල මණ්ඩලය ලෙස 1969 අංක 17 දරන පාර්ලි‍මේන්තු පනතින් ස්ථාපනය කරද්දී සේවකයන් දැවැන්ත අරගලයක් කළ බව නන්දන මහතා පවසයි. ඒ මොහොතේ සිටි කැබිනට් එක සහ වෘත්තීය සමිති නායකයින් ඉටිපන්දම් එළියෙන් ගිවිසුමක් අත්සන් කර ඇත. එම ගිවිසුමේ සේවකයින්ට ලැබෙන වරප්‍රසාද සහ රැකියා සුරක්ෂිතතාව පිළිබඳව සඳහන් කර තිබුණි.

සේවකයින් ඉල්ලා සිටින්නේ ආණ්ඩුව වගකීම් සහගත ආණ්ඩුවක් නම් මේ පනත සමග අනිවාර්යයෙන් පැමිණෙන සේවක වරප්‍රසාද සහ රැකියා සුරක්ෂිතතාව අහිමි නොවන බවට ගිවිසුමකින් සහතික කළ යුතුය. එවන් ගිවිසුමකින් තොරව ඇමතිගේ කතන්දර වලින් සැහීමකට පත් විය නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ඒ අනුව ආණ්ඩුව සහ සේවකයින් අතර අනිවාර්යය ගිවිසුමක් අවශ්‍ය වන අතර ඒ පිළිබඳව ඇමතිවරයාට පැවසු විට වෘත්තීය සමිති සියල්ල සමග ගිවිසුම් ගත විය නොහැකි බව පවසා ඉල්ලීම මග හැර ගොස් ඇත.

ඉහිදී වෘත්තීය සමිති පවසන්නේ 22000ක් වන සේවකයන් 90% නියෝජනය කරමින් වෘත්තීය සමිති සිටින අතර එම වෘත්තීය සමිති සමග ගිවිසුමකට යා යුතු බවයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading