වෛද්‍ය විශේෂඥයන් විසින් සිදු කරනු ලබන සංකීර්ණ ශල්‍යකර්ම හා වෛද්‍ය ක්‍රියා පටිපාටිවල යෝග්‍යතාව මෙන්ම ඒවායේ ප්‍රතිඵල සම්බන්ධයෙන් තාක්ෂණික නොවන පුද්ගලයන් විසින් විවිධ ස්ථානවල පල කරනු ලබන අහිතකර අදහස් සම්බන්ධව වෛද්‍ය ක්ෂේත්රය තුළ දැඩි කනස්සල්ලක් මතු ව ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙත ලිපියක් යවමින් සඳහන් කරනවා.
එම ලිපිය මගින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනු ලබන්නේ, වෛද්‍ය විශේෂඥයන්ගේ විශ්ලේෂණයකින් තොරව කරන මෙම අදහස් දැක්වීම් ප්‍රධාන ධාරාවේ මධ්‍යයන්හි සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම තුළින් මහජනතාවගේ මනස තුළ සෞඛ්‍ය සේවාව පිළිබඳ සැක සංකා මතු කිරීමටත්, ප්‍රතිකාර අපේක්ෂාවෙන් සිටින රෝගීන් අතර සැකය ඉහළ නැංවීමටත් හේතු වී ඇති බවයි.
එම නිසා මෙය වෛද්‍ය ප්‍රතිරූපයට මෙන්ම සමස්ත සෞඛ්‍ය සේවාවට ම අපහාස කිරීමට දරන උත්සාහයක් බවයි එම සංගමය පෙන්වා දී තිබෙන්නේ.
අවසාන වශයෙන්, මෙම අනාරක්ෂිත ප්‍රවණතාව පිළිබඳ තම සංගමය දැඩි ලෙස කම්පාවට පත්ව සිටින බව සඳහන් කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අදාළ සිදුවීම් පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත් හැකි ඉක්මනින් විශේෂඥ තාක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිනවා.
