හේ…….යි… රාජාංගානේ හිමිව ජාතික රෝහලේ මානසික සායනයට යවන්න…

අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීම සහ ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම යන චෝදනාවලට රාජාංගනයේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර පසුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබුණා.

නමුත් රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇප කොන්දේසි කඩ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ දැනුම් දී ඇති බව වාර්තා වේ. මෙහිදී රාජාංගනයේ හිමි වෛරය, ද්වේශය සමාජ ගත කරමින් අසභ්‍ය වචන භාවිත කරමින් වීඩියෝ පළ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

අශිෂ්ට සහ අසෝභන වචන භාවිතා නොකරන ලෙස ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණේ සද්ධාරතන හිමියන්, රාජාංගණේ හාමුදුරුවෝ යන You tube නාලිකාවේ පල කර ඇති වීඩියෝ තුළින් අශිෂ්ට සහ අසෝභන වචන භාවිතා කර ඇත්නම් ඒවායේ සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

එමෙන්ම කොළඹ ජාතික රෝහලේ මානසික වෛද්‍ය සායනය හමුවේ පෙනී සිට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද සැකකරුට නියෝග කර ඇත.

එසේම පසුගිය අප්‍රේල් මාසයේදී රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර තිබුණා.

You tube චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් රාජාංගනයේ සද්ධාරතන හිමියන්ට පසුගිය ජනවාරි මස චෝදනා පත්‍ර ලබා දී විද්වත් මහාසංඝයා වහන්සේ සිව් නමක් ඉදිරියේ පසුගිය පෙබරවාරි 25 වන දින විනය කමිටුවට ඉදිරිපත් කර තිබුණා. ඉන් වැරදිකරු කෙරුණු රාජාංගනයේ සද්ධාරතන හිමියන් භික්ෂු භාවයෙන් නෙරපා හැර ඇතැයි ජනාධිපති නීතිඥ වරයා අධිකරණයට දන්වා තිබෙනවා.

Author

Related Posts