ඇමති දන්නෙත් නෑ… කිරිපිටි මිල ඉහළට…

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කර ඇත.

ඒ අනුව ආනයනික කිරිපිටි 400g පැකට්ටුවක මිල රුපියල් 100 කින් ද, කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ දමා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජාතික පාරිභෝගික පෙරමුණේ අසේල සම්පත් විසින් You tube නාලිකාවක වීඩියෝවක් පළ කර තිබුණා. එහිදී ඔහු සඳහන් කර සිටින්නේ ඊයේ රාත්‍රියේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට අදාළ තීරු බදු ප්‍රතිශතය ප්‍රකාශයට පත් කිරීම කිරිපිටි මිළ ඉහළ දැමීම කෙරෙහි බලපා ඇති බවයි. කිරිපිටි කිලෝවක් ලංකාවට ගෙනෙද්දී රුපියල් 700ක පමණ බද්දක් ගහන බැවින් මේ සම්බන්ධව කිරිපිටි සමාගම් වලට චෝදනා කල නොහැකි බව ඔහු ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම මාස 3කින් පසු කිරි බීමට සිදු වල ළදරුවන්ට, ජ්‍යෙෂ්ට පුරවැසියන්ට සහ සමාජයේ ජිවත් වන සියළු දෙනාට මෙය බලපාන බව ඔහු සඳහන් කළා.
එම නිසා කිරිපිටි මිල වැඩි වීම පිළිබඳව සමාගම් වලට දොස් නොකියා වහාම මේ කිරිපිට් සඳහා ගහන බදු ප්‍රමාණය රජය විසින් අඩු කළ යුතු බවත් අසේල සම්පත් ප්‍රකාශ කරයි. ආපනශාලා සංගමයේ සභාපතිවරයා වශයෙන්ද ඔහු කියා සිටියේ මේ තත්ත්වය හේතුවෙන් පාරිභ්ගිකයන් පැමිණෙන ප්‍රමාණය අඩු වී හැකි බවයි. එසේම හෝටල් වල කිරි තේ එකක මිල ඉහළ නොදමන ලෙස ද ඔහු ඉල්ලා සිටියා.

තව දුරටත් අසේල සම්පත් ප්‍රකාශ කර සිටියේ මෙලෙස කිරිපිටි මිල ඉහල යාම කෙරෙහි ආණ්ඩුව වග කිවයුතු නමුත් ඇමතිවරයා සහ ආණ්ඩුව ද මේ පිළිබඳව නොදන්නා බවයි. එසේම ආණ්ඩුව විසින් දේශීය නිෂ්පාදන යැයි කියන හයිලන්ඩ් සහ පැල්වත්ත කිරිපිටි මිළ පහල දැමිය යුතු බව ඔහු වැඩි දුරටත් අවධාරණය කර කියා සිටියා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading