කල්පිටිය උණුසුම්… මත්ද්‍රව්‍ය ජාවාරමට නාවික හමුදාව සහ පොලිසිය සහය දෙනවා – කල්පිටිය ප්‍රදේශවාසීන්

නාවික හමුදාවේ යැයි පවසන පුද්ගලයින් දෙදෙනෙක් ගම්වැසියෙකුට පහර දීමේ සිද්ධියකට එරෙහිව අද (10) පස්වරුවේ කල්පිටිය දළුව ග්‍රාමයේ ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත විය.

තවද ඔවුන් චෝදනා කර සිටියේ ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ජාවාරමට නාවික හමුදාව සහ පොලිසිය සහය දක්වන බවයි.

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ…
මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් ගම බේරා ගනිමු!
නාවික හමුදාවෙන් ගම්වැසියන්ට සිදු කරන හිරිහැර වහා නවතනු!
ජාවාරම ප්‍රබලයි- නීතිය නිහඬයි
! ඇතුළු සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් විරෝධතාවය දැක්වූවා.
එහිදී පහර කමට ලක් වූ පුද්ගලයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ,

“මගේ වත්තේ පොල් කඩලා තිබුණා. ඒ පොල් ටික මුර කරන්න මම බුදියන් ඉන්නේ රෑට එතන. බුදියන් ඉන්නකොට නෙවි එකෙන් ආවා. මොකද උඹ මෙතන බුදි කියල ඇහුවා. මම කිව්වා මෙතන මගේ වත්තේ පොල් කඩලා තියෙනවා. මගේ වත්ත මේක කියද්දී, උඹට මෙතන බුදියන්න බෑ යකෝ කියල දෙන්නම ගැහුවා. තුවක්කු බඳනුත් ගැහැව්වා. මගේ ඔලුවත් තුවාල වෙලා තියෙනවා.”

මෙහිදී කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී නිශාන්ත ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ කල්පිටිය අර්ධද්වීපයේ ප්‍රබලව මත්ද්‍රව්‍ය ජාවාරම සිදු වන බවයි. ඊට අවශ්‍ය කරන පහසුකම් සලසන්නේ නාවික හමුදාව සහ පොලිසිය යන සැකය ජනතාව තුළ තිබෙන බවත් ඔහු සඳහන් කළා.

තවද උද්ඝෝෂණය අතරතුර, නාවික හමුදාවේ යයි කියන බවට සැක කෙරෙන සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ උද්ගෝෂණය වීඩියෝ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ද ඇති වී ඇත. එහිදී ජනතාව පැවසුවේ අදාළ පුද්ගලයාට පහර දුන් පුද්ගලයන්ට එන්න කියන ලෙසයි.

එහිදී එම ස්ථානයට නොරොච්චෝලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ ඇති අතර අදාළ පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ඊට ආදාලව ක්‍රියාමාර්ගයක් ගන්න බවත් ප්‍රකාශ කර ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading