රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ජනාධිපති පොදු සමාවට මුවාවී අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පසුගිය ජූනි 09 වෙනි දින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්දනාගාර ගත කෙරුණා.
ඊට අදාළ නඩුව අද (09) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය තුෂාර උපුල්දෙණිය මහතා ඇප මත මුදා හරින ලෙස නියෝග කළා.
සැකකරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිල ලෙසත්. සැකකරුට දිවයිනේ බන්ධනාගාරවලට ඇතුළු වීම තහනම් කිරීමටද මහේස්ත්රාත්වරිය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඊට අමතරව සැකකරුට විදේශ ගමන් තහනමක්ද පැනවුණ අතර විදේශ ගමන් බලපත්රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කෙරුණා.
