වැල්ලවාය අධ්‍යාපන කලාපයේ තණමල්විල කොට්ඨාසයට අයත් කිතුල්කොටේ ප්‍රදේශයේ පාසලක 05 ශ්‍රේණියේ අධ්‍යාපන ලබන කිවුලේආර ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයකු තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් පෙරේදා (07) අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල, කිතුල්කොටේ, නෙළුයාය ප්‍රදේශයේ පදිංචි අපයෝජනයට පත් දැරියගේ පියාගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා වන 24 හැවිරිදි පුද්ගලයෙකුයි.
තණමල්විල මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින් පසුගිය දා එම දැරිය ඉගෙනුම ලැබූ පාසලේ දී දරු දැරියන්ට සිදු වන ලිංගික අඩන්තේ විට්ටම් පිළිබඳව දරුවන් දැනුවත් කිරීමේ විශේෂ දේශනයක් පවත්වා ඇති අතර, පොලිස් ස්ථානාධිපතිවරයා පාසලට පැමිණ සිදු කළ දේශනයෙන් පසු නීතිය සම්බන්ධයෙන් ඇති වූ විශ්වාසය මත දැරිය විසින් තමාට සිදු වූ අතවරය පිළිබඳ දැනුවත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව හෙළි වී ඇත්තේ, සැකකරු විසින් මෙම සිදුවීම පිළිබඳ වෙනත් කිසිවෙක් හෝ දැනුවත් කළහොත් මව මරා දමන බවට තර්ජනය කරමින් දැරිය අවස්ථා කිහිපයක දී ම බරපතල ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි.
මෙම සිද්ධිය දැරිය විසින් හෙළි කිරීමෙන් අනතුරුව, පාසලේ විදුහල්පතිවරයා විසින් තණමල්විල පොලිසියට සිදු කළ දැනුම්දීමෙන් පසු පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර, දැරියගේ ප්‍රකාශ මත සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ නමුත්, මේ සම්බන්ධ මූලින විමර්ශනවලින් අනතුරුව සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර, දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී. බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන පැවැත්වෙනවා.
