පාස්කු ඉරිදා ගහනවා කියලා පිල්ලෙයාන් හිරේ ඉද්දිත් දැනගෙන ඉඳලා – ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී ටී.එම්.වී.පී නායක, නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබද පූර්ව දැනුවත්භාවයෙන් සිට ඇති බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (9) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන කල් තැබීමේ විවාදයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

2018.11.30 වෙනිදා එනම් පාස්කු ප්‍රහාරයට පෙර සිදු වීමක් වී ඇත. වවුනතිව් ප්‍රදේශයේ පොලිස් මුරපොලක් අසලදී පොලිස් මුර පොළේ හිටපු නිළධාරීන් දෙදෙනෙකු ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාර හා මුවහත් ආයුධ වලින් පහර දී ඔවුන් මරණයට පත් කර ඇත. මීට අදාළ විමර්ශන වලදී හිටපු L.T.T.E සාමාජිකයෙකු වන අජන්තන් අත් අඩංගුවට ගෙන ඇත. ඊට සාක්ෂි ලෙස අජන්තන් නමැති පුද්ගලයා භාවිතා කළ යතුරු පැදි කබාය සහ අසල බෝක්කුවක් යට දමා අපරාධය අජන්තන් විසින් සිදු කළා යයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඒත්තු ගැන්වෙන පරිදි අසත්‍ය සාක්ෂියක් නිර්මාණය කර විමර්ශන නොමග යැවීමට කටයුතු කර ඇත. ඒ අනුව එවකට සිදු කළ පරිෂණය සබ සිද්ධිය නොමග යැවීමක් බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ නිලධාරියෙක් අත් අඩංගුවට ගෙන ඇති බවත් ඉතිර සැකකරුවන් ඉදිරියේදී අත් අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන බවත් ආනන්ද විජේපාල වැඩි දුරටත් සඳහන් කළා.

”පිල්ලෙයාන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සිද්ධ වෙන අවස්ථාවේ මඩකලපු බන්ධනාගාරයේ ඔහු පූර්ව දැනුවත් භාවයකින් හිටියයි කියන එක සාක්ෂි, තොරතුරු මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. විමර්ශන ආශ්‍රයෙන්. නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්ත් නොහොත් පිල්ලෙයාන් 2025.04.08 දින නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති සුබ්‍රමනියම් රවිනාත් අතුරුදහන් කිරීම, මඩකලපුව පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම, නීති විරෝධී ගිනි අවි භාවිතා කිරීම යන වැරදි යටතේ අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග මත රඳවා වැඩිදුර පරීක්ෂණ සිදුකරගෙන යනවා. මෙතෙක් සිදුකළ විමර්ශනවලදී පිල්ලෙයාන් 2019.04.21 වැනි දින වනවිට, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පර්යාසිංහම් මහතාගේ ඝාතනය පිළිබඳව මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි අතර පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මඩකලපුව බන්ධනාගාරයේ සිටිමින් ඔහු පාස්කු ප්‍රහාර පිළිබඳව පූර්ව දැනුවත් භාවයකින් සිටි බවට මේ වෙනකොට කරුණු අනාවරණය වෙලා තියෙනවා.”

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading