විදුලිබල මණ්ඩල සේවකයෝ අද (9) කොළඹ විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වූහ.
“බලශක්ති ස්වාධිපත්‍ය ඉන්දියාවට පාවා නොදෙනු! නව විදුලි පනත හකුළා ගනු!” යන සටන් පාඨය යටතේ ඒකාබද්ධ විදුලි සේවක සංගමය සහ කම්කරු අරගල මධ්‍යස්ථානය මෙම විරෝධතාව සංවිධානය කරන ලදී.
වර්තමාන ආණ්ඩුව පොරොන්දු කඩකරමින් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුගතකරණය මුවාවෙන් කොටස් කීපයකට කැඩීමට උත්සහ කරන බවත් එය වහාම නතර කළ යුතු බවද ඔවුන් ප්‍රකාශ කර සිටියා.
මීට සමගාමීව අත් පත්‍රිකා බෙදීමේ වැඩසටහනක්ද රට පුරා විදුලි බල මණ්ඩල ශාඛා ආශ්‍රිතව සිදු කරන ලදී.
