තරුණ ව්‍යවසායකයන් අනාථයි… බදු වැඩි කිරීම හැර වෙනත් ආර්ථික උපාය මාර්ගයක් මේ රජයට නෑ…

ආණ්ඩුව බලය ගන්නට පෙරේ කියූ කතා සහ පොරොන්දු ඉටු නොකරන බව අජිත් පී පෙරේරා පවසයි. පුරවැසියන් මත පනවා ඇති බදු අඩු කර පාලනය කාර්යක්ෂම කර ජනතාව මත පැටවුණු ආර්ථික බර අඩු කරනවා යයි පැවසුවද ආණ්ඩුව එසේ නොකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා අද (9) පැවසුවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ බදු පවරපු නැති ක්ෂේත්‍ර වලට පවා බදු ගහන තත්වයක් උද්ගත් වී ඇති බව ඔහු පැවසුවා. විශේෂයෙන්ම තරුණ ව්‍යවසායකයන්ට තම ජීවිතය ගොඩනගාගෙන රටේ ආර්ථිකයද ශක්තිමත් කරන අලුත් ක්ෂේත්‍ර වලටත් බදු ගසා ඇති බව ඔහු ප්‍රකාශ කළා. අසාමාන්‍ය ලෙස අධික බදු ගසා සිදු කරන මේ ක්‍රියාව ඉතා වැරදි සහ අසාධාරණ බවද ඔහු කියා සිටියා.

දුෂණය සහ නාස්තිය අඩු කළාම බදු අඩු කළ හැකි බව ආණ්ඩුව පැවසූ බැවින් දැන් දුෂණ නැත්නම් බදු අඩු කළ නොහැක්කේ මන්දැයි ඔහු විමසුවා. සත්‍ය වශයෙන්ම මේ රටේ දූෂණය නැතිවෙලා නම්, අනවශ්‍ය වියදම් අඩු වී ඇත්නම් සහ රාජ්‍යකරණය කාර්යක්ෂම නම් පොරොන්දු වූ පරිදි බදු අඩු කළ හැකි යයි අජිත් පී පෙරේරා පැවසුවා. නමුත් බදු අඩු කිරීම වෙනුවට වැඩි කිරීමෙන් පෙනී යන්නේ දූෂණය, නාස්තිය වැඩි වී ඇති බවත් ආණ්ඩුව මෙලෙස බදු වැඩි කිරීම අනුව ඔවුන්ද එය පිළිගන්න බවත්ය.
සත්‍යවශයෙන්ම බදු වැඩි කිරීම හැර වෙන ආර්ථික උපාය මාර්ගයක් මේ රජයට නොමැති බව අජිත් පි පෙරේරා පැවසුවා. එසේම මේ ආණ්ඩුව දිනෙන් දින පසුගාමීත්වයක් කරා ගමන් කරමින් තිබෙන අතර ඔවුන් කරන්නේ කුමක්ද යන්න ඔවුන්ම නොදන්නා තත්වයකට වැටී ඇති බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading