ලංකාවට තවත් බද්දක්

ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක අනෝන්‍ය තීරුබදු පැනවිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර ධවල මන්දිරය විසින් මෙරට වෙත නිකුත් කළ නිවේදනයක මෙම නව බදු සංශෝධන ප්‍රතිශත දක්වා තිබෙන බව සඳහන්.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ශ්‍රී ලංකාව තීරුබදු වැඩි කළහොත්, එම ප්‍රතිශතය අලුතින් ප්‍රකාශයට පත් කළ සියයට 30 තීරු බදු ප්‍රතිශතයට එකතු කරන බවයි.

අමෙරිකානු ජනාධිතිවරයා විසින් මීට පෙර ශ්‍රී ලංකාව වෙත පනවා තිබු අනෝන්‍ය තීරුබදු ප්‍රතිශතය 44%ක්. 

මෙම අනෝන්‍ය බදු පැනවීම අගෝස්තු මස 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

වෙළෙඳ ගනුදෙනු සහ තීරුබදු සම්බන්ධයෙන් අද තවත් රටවල් හතක් වෙත නව ලිපි නිකුත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබුණා.

ශ්‍රී ලංකාවට අමතරව, ඇල්ජීරියාව, ඉරාකය සහ ලිබියාව සඳහා ද 30% ක තීරුබදු පනවා තිබෙනවා.

කෙසේ වෙතත් බෲනායි සහ මෝල්ඩෝවා සඳහා 25%ක් ලෙසත්, පිලිපීනය සඳහා 20%ක් තීරුබදු පනවන බව දන්වා ඇත.

Author

Related Posts