පෙරටුගාමී පක්ෂයක් දැන් නෑ! නම විතරයි තියෙන්නේ! ටිල්වින්ගෙන් පෙරෙට්ටන්ට රිදෙන කතාවක්!

පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනුවෙන් දේශපාලන පක්ෂයක් නොමැති බවත් දැන් ඇත්තේ ලියාපදිංචි නාමයක් පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වන විට සිටි බොහෝ පිරිසක් දැන් එම පක්ෂයේ නොමැති බවත් දේශපාලනය පවා අත්හැර දමා තිබෙන බවයි.

සියලුදෙනා හඳුනන කිහිපදෙනෙකු පමණක් දැන් ඉතිරි වී සිටින බව ටිල්වින් සිල්වා මහතා එහිදී සඳහන් කළා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා:

“මගේ ජීවිතේ කවදාවත් මම පාර්ශ්වවල ඉඳලා නැහැ. මම පක්ෂයට ආවා. කිසියම් දෙයක් කරන්න විශ්වාසයක් තිබුණා. මම පක්ෂය එක්ක හිටියේ. උපක්‍රම තෝරද්දී අපි අතර තියෙනවා වෙනස්කම්. ඒ වෙනස්කම්වලදී මමත් එක එක ස්ථාවරවල ඉඳලා තියෙනවා. ඒ ස්ථාවර දිනපු වෙලාවලුත් තියෙනවා. නැති වෙලාවලුත් තියෙනවා. මම පාර්ශ්වවල හිටියේ නැහැ. අපි ඔය ගැන කතා කරන එකේ තේරුමකුත් නෑ.

මොකද එහෙම සංවිධානයක් අපේ රටේ නෑ. ඇත්තටම ගත්තොත්. නමක් තියෙනවා ලියාපදිංචි වෙච්ච. සංවිධානයක් නැහැ. ඔබ බලන්නකෝ පහුගිය පළාත් පාලන මැතිවරණයේදී රටේම මන්ත්‍රී කීයක් ගත්තාද? අපෙන් ගැලවිලා යනකොට ඒගොල්ලන්ට විශාල පිරිසක් එකතුවෙලා හිටියා. ඒගොල්ලන් කොච්චර දුර ඇවිල්ලද? දැන් අවුරුදු 12ක් විතරනේ. ඒගොල්ලන් පටන් ගන්නකොට ගියපු සීයට 80ක් ඔවුන් එක්ක නැහැනේ. දේශපාලනයේත් නෑනේ. ඇත්තටම ඒගොල්ලෝ කරලා තියෙන්නේ දේශපාලනයේ හිටපු විශාල පිරිසක් නන්තත්තාර කරලා දාපු එක. සමහර අයව අපි නැවත ජනතා විමුක්ති පෙරමුණට ගත්තා. සමහරු අත්හැරියා.කවුරුත් දන්න තුන්හතරදෙනෙක් ඉන්නවා හැරෙන්න බිම් මට්ටමේ නෑ. ඒගොල්ලන් ගැන මෙවැනි සංවාදයක කතා කිරීම කාලය නාස්ති කිරීමක් කියලයි මට හිතෙන්නේ”

Author

Related Posts