කොටි හිටපු කාලෙට වඩා භයානකයිලු! සාගරට භීෂණ සමයක් ඇවිල්ලාලු!

එල්ටීටීඊ සංවිධානය ක්‍රියාත්මක වූ කාලයට වඩා දරුණු තත්වයකට මේ රට ගමන් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසූ ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රජය මේ වනවිට සිදුවන ඝාතන සාමාන්‍ය දෙයක් ලෙස ඉස්මතු කිරීමට උත්සාහ කරන බවයි.

එහෙත්, රජය ෆැසිස්ට්වාදී පාලනයක් ක්‍රියාත්මක කරන බවත් අසූ අට අසූනවය කාලයට සමාන තත්වයකට රට ගමන් කරමින් සිටින බවත් ඔහු පවසනවා.

ඝාතනයට ලක් වූ ඩෑන් ප්‍රියසාද් යනු මෙරට කන්ටේනර් සිදුවීම පිළිබඳ මුලින්ම හෙළිකළ පුද්ගලයා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ඔහු වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළා.

‘එල්ටීටීඊ ත්‍රස්තවාදය මේ රටේ ක්‍රියාත්මක වෙච්ච කාලයටත් වැඩිය දරුණු තත්වයකට ගිහිල්ලා. අර අසූඅට අසූනවය කාලේ ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය තිබිච්ච කාලයේ තත්වයට ගමන් කරන බව මේ වන විට පේන්න තියෙනවා.

අපි දකිනවා මිනිස්සුන්ව උසාවි ඇතුළේ ඇවිල්ලා වෙඩිතියලා ඝාතනය කරනවා. අපි දකිනවා මිනිස්සු පොලීසිය ඉදිරිපිට ඝාතනය කරනවා. ගෙවල් ඇතුළට ගිහිල්ලා ඝාතනය කරනවා. ඝාතනය කිරීම ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත් කිරීමට රජය උත්සාහ කරනවා. ඝාතනය වෙන අය ඉතාම පහසුවෙන් රජය මේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අය, එහෙම නැත්නම් පාතාලයට සම්බන්ධ අය කියලා ඉතාම පහසුවෙන් රජය බේරෙන්න උත්සාහ දරනවා. රජයක් පිහිටුවන්නේ ඒ රටේ නීතියේ ආධිපත්‍ය්‍ය පවත්වාගෙන යන්න.

අපි දැක්කා කන්ටේනර් සිද්ධියේ වංචාව සම්බන්ධයෙන් මුලින්ම හෙළි කරපු ඩෑන් ප්‍රියසාද් මහතාව මුලින්ම ගිහිල්ලා ගෙදරටම ගිහින් ඝාතනය කළා. ඒ ඝාතන සියල්ල යටපත් කරලා දානවා ඉතාම සරල ආකාරයෙන්. මේ ඝාතන පිටිපස්සේ තියෙන්නේ මේ ආණ්ඩුව ෆැසිස්ට්වාදී පාලනයක් බිහි කිරීමේ අරමුණේ ප්‍රධාන මූලික තත්වයද කියලා අපට ලොකු සැකයක් තියෙනවා. ඒ ෆැසිස්ට්වාදී පාලනයකදී තමන්ගේ විරුද්ධවාදීන් මැඩලන්න බැරි වුණාම ඔවුන්ව නාදුනන තුවක්කුකරුවන් හරහා මරා දමලා තමන්ගේ ෆැසිස්ට්වාදී පාලනය ගෙනයෑමේ අවශ්‍ය මූලික පියවරයන් සකස් කරගැනීම සඳහා මේ දේ කරනවාය කියන තත්වය තමයි පේන්න තියෙන්නේ. ‘

Author

Related Posts