රටේ ජනමාධ්‍ය පරිහාණියට ලක්වෙලා… මාධ්‍යවේදීන්ගේ චර්යාව හදන ප්‍රතිපත්තිය මාස 3ක් තුළ ගේනවා…

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස 03 ඇතුළත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (8) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එසේම ජනමාධ්‍ය අමාත්‍යංශ විසින් මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් ද කෙටුම්පත් කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වුවද රජයේ හා පෞද්ගලික ජනමාධ්‍ය විසින් එම ආයතන වලට බල පැවැත්වෙන ආකාරයෙන් අනන්‍ය වූ ආචාර ධර්ම පද්ධති පවත්වාගෙන යනු ලබයි. රජයේ හා පෞද්ගලික රුපවාහිනී නාලිකා වල විකාශනය වන වැඩසටහන් වල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
වර්තමානයේ ජනමාධ්‍ය දෙස බැලූ යම් ආකාරයක විවාද සම්පන්න තත්වයක් සහ ආචාර ධර්ම සම්බන්ධයෙන් යම් ආකාරයක සංකීර්ණ මතු වී ඇති බව දක්නට ලැබෙන බව මෙහිදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර පැවසුවා. ඔහු ප්‍රශනයක් යොමු කරමින් අසා සිටියේ ආචාර ධර්ම උල්ලංගනය කර ජනමාධ්‍ය සම්බන්ධයෙන් රජය ගන්න ක්‍රියාමාර්ග මොනවාද යන්නයි.
මේ සඳහා පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, සමාජයේ විවිධ ක්ෂේත්‍ර තුළ පවතින පරිහාණිය ජනමාධ්‍ය වලටත් අදාළ වන බැවින් ඒ පිළිබඳවත් මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේදී අවධානය යොමු කර ඇති බවයි.
මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේදී ආණ්ඩුව පහසුකම් සැලසීම පමණක් සිදු කරන අතර එය සකස් කිරීම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන්, ආයතන සහ ප්‍රවීණයන්ගෙන් සිදු වන බවත් නලින්ද ජයතිස්ස සඳහන් කළා.

ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරද්දී රජයේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ, ජනමාධ්‍ය නියාමය කිරීම නොව ජනමාධ්‍ය සමග කරන විධිමත් සාකච්ඡාවකින් සහ එකඟතාවයකින් කටයුතු කිරීමයි. රජයක් ලෙස නීති පැනවීමට වඩා සාකච්ඡාමය ස්වරූපයකින් ගමන් කිරීමට අපේක්ෂා කරන අතර යම් හෙයකින් රටේ පොදු නීතියට අවනත නොවී කටයුතු කරන්නේ නම් පවතින නීති මගින් කටයුතු කරනු ඇති බව අමාතයවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading