ලලිත්, කුගන් අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව යටතේ විමර්ශනය කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2011 දෙසැම්බර් 12 වැනි දින මල්ලාකම් මහේස්ත්‍රාත් උසාවියේදී නඩු අංක B 669/2011 යටතේ මෙම අතුරුදහන්වීම් පිළිබඳව කරුණු වාර්තා කර ඇති අතර, මෙම නඩුවට අදාළ අවස්ථා 17කදී ස්ථානාධිපති විසින් වැඩිදුර වාර්තා ඉදිරිපත් කර ඇති බවයි.
අවසන් මට්ටමෙන් මෙම නඩුව 2014 ඔක්තෝබර් 10 වැනි දින අධිකරණය කැඳවූ අවස්ථාවේදී නඩුව බහ තැබීම සඳහා අධිකරණය නියෝග ලබාදී තිබූ බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළා.
මේ පිළිබඳව සිදු කරන ලද විමර්ශනවල ප්‍රගතියක් අත්පත් කරගෙන නොමැති වීම හේතුවෙන් වැඩබලන පොලිස්පති විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා 2025 ජුනි 3 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නියෝග සහ උපදෙස් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන විසින් 2025.06.03 දිනයන්හි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උතුරු පළාත වෙත මෙම විමර්ශනයට අදාළව අච්චුවෙළි පොලිස් ස්ථානය, යාපනය අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය සහ යාපනයේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද විමර්ශනයන්ට අදාළව සියලු විමර්ශන උදෘත ගොනු ඉදිරිපත් කරන ලෙසට දැනුම්දී ඇති බයි.
එමෙන්ම 2025.06.06 දින මෙම උදෘත ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර පවත්වාගෙන යනු ලබන බවත් ඔහු පෙන්වාදෙනවා.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද විජේපාල මහතා :
“ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදහන්වීම සම්බන්ධයෙන් මල්ලාකම් මහේස්ත්‍රාත් උසාවියේ නඩු අංක B 669/ 2011 යටතේ 2011.12.12 දින ගරු අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර මෙම නඩුවට අදාළ අවස්ථා 17කදී ස්ථානාධිපති විසින් වැඩිදුර වාර්තා ඉදිරිපත් කර ඇත. අවසන් මට්ටමෙන් මෙම නඩුව 2014. 10.10 දින ගරු අධිකරණය කැඳවූ අවස්ථාවේදී නඩුව බහ තැබීම සඳහා ගරු අධිකරණය නියෝග කර ඇත. මේ පිළිබඳව සිදු කරන ලද විමර්ශනවල ප්‍රගතියක් අත්පත් කරගෙන නොමැති වීම හේතුවෙන් වැඩ බලන පොලිස්පති විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීම සඳහා 2025.06.03 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නියෝග සහ උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන විසින් 2025.06.03 දිනැතිව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උතුරු පළාත වෙත ලිපියක් යොමු කරමින් මෙම විමර්ශනයට අදාළව අච්චුවෙළි පොලිස් ස්ථානය, යාපනය අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය සහ යාපනයේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද විමර්ශනයන්ට අදාළව සියලු විමර්ශන උදෘත ගොනු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙන ඇති. ඒ අනුව 2025.06.06 දිනැති මෙම උදෘත ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇත. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර පවත්වාගෙන යනු ලබයි”
