ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායෑමට ආධාර කළැයි චෝදනා එල්ල වී ඇති එම නඩුවේ දෙවන විත්තිකාර මුනිපාලගේ රවීන්ද්‍ර සන්දීප ගුණසේකර නමැති හිටපු පොලිස් කොස්තාපල්වරයා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදා හරින්න්නැයි ඉල්ලා ඔහු වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාලිය සමරසිංහ මහතා කොළඹ මහාධිකරණයට ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර සිටියා.
සිය සේවාදායකයා වෙත 2023 සැප්තැම්බර් මස 10 වන දින පොලිස් නිලධාරීන් හත් දෙනකු වෙත නිද්‍රාජනක ඖෂධ මිශ්‍ර කිරිටොෆි හෝ තේ ලබා දුන්නේ යැයි චෝදනා එල්ල වී තිබුණත්, ඔහු එවැනි ක්‍රියාවක් සිදු කර නොමැති බවත් එසේ කිරිටොෆි ලබාදී ඇත්තේ වෙලඳුරයාගේ රසික කුමාර නැමැති පොලිස් නිලධාරියා බව මේ වන විට අනාවරණය වීම හා එම කිරිටොෆි තිත්ත රස බැවින් කිසිම පොලිස් නිලධාරියකු ඒවා අනුභව නොකිරීම නිසා පැමිණිල්ල පෙන්වා දී ඇති පරිදි මත්වීමක් සිදු වී නොමැති බව නීතිඥවරයා මෙම ඇප අයැදුම්පත මගින් පෙන්වා දී තිබෙනවා.
තව ද රස පරීක්ෂකවරයාගේ වාර්තාව අනුව කිරිටොෆි වල Meolqzojam නමැති ඖෂධය විශ්ලේෂණය කළ නොමැති මට්ටමින් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තිබීම හා කිරිටොෆි ලබා දීම බැලූ බැල්මට ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැලකිය නො හැකි නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවැරීම යුක්ති සහගත නොවන බව ද නීතිඥ ජාලිය සමරසිංහ මහතා එමගින් පෙන්වා දී තිබෙනවා.
දින නියමයක් නොමැතිව රක්ෂිත බන්ධනාගාරගත කිරීම, නඩු විභාගයකින් තොරව ලබාදුන් දඬුවමක් වීම හා දඬුවමක් ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නො කළ යුතු බවත් ප්‍රබල නඩුවක් තිබීම යනු ඇප දීමට බාධාවක් නොවිය යුතු බව ඉහළ අධිකරණ ලබා දුන් තීන්දු අනුව සනාථ කොට ඇති බවත් ඇප අයැදුම්පත මගින් පෙන්වා දී තිබුණා.
විත්තිකරුට එරෙහිව ගොනුකර ඇති 1 සිට 8 දක්වා වූ අධිචෝදනා ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ වැරදි නොවීම හා යම් සැකකරුවකු රඳවා තබාගැනීමේ නියෝගයක් නිකුත් කිරීමට පෙර ආරක්ෂක අමාත්‍යවරයා විසින් වෙන්ව ස්වාධීන පරීක්ෂණයක් සිදු නොකර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම නීති විරෝධී නියෝග බවත් ඉහළ අධිකරණය ලබා දුන් තීන්දු අනුව පෙනී යන බව ද විත්තිකරුගේ නීතිඥවරයා එම ලිඛිත ඇප අයැදුම්පත මගින් තවද රටත පෙන්වා දී තිබුණා.
කෙසේ වෙතත් විත්තිකරු 2025.02.22 වැනිදා සිට දින 90 ක් රඳවා තබා ගැනීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කර ඇති රඳවා තබාගැනීමේ නියෝගය ලබාගැනීමට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ සම්පුර්ණ වාර්තාවේ සංගතික කළ ඡායාස්ථ පිටපතක් සහ ජනාධිපතිවරයා සිදු කළ ස්වාධීන විමර්ශනයේ සංගතික කළ ඡායාස්ථ පිටපතක් ලබා දෙන ලෙස මෙන්ම රැඳවුම් නියෝගයට යොදා ඇත්තේ ජනාධිපතිවරයාගේ අත්සන දැයි දන්වන ලෙසට කළ 2025.05.23 වැනිදා ජනාධිපතිවරයාගෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ කළ ඉල්ලීමට මේ දක්වා පිළිතුරු නොමැති වීම සලකා විත්තිකරුට ඇප ලබාදෙන ලෙසට ද ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාලිය සමරසිංහ මහතා එම ඇප අයැදුම්පත මගින් ඉල්ලීමක් කර ඇතැයි සදහන් වනවා.
