සියදිවි නසාගත් අම්ෂිකා දැරිය අපයෝජන සිද්ධිය සම්බන්ධ තීරණාත්මක වාර්තාවක්…

කොටහේන ප්‍රදේශයේදී ඉකුත්දා ගොඩනැඟිල්ලකින් පැන සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සැකකාර පාසැල් ගුරුවරයා රාජකාරි කළ පාසලේ සී.සී.ටි.වි දර්ශන සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා උතුරු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ (07) නියෝග කර ඇත.

එම පාසලේ සී.සී.ටී.වී දර්ශන පටිගත වූ ඩි.වි.ආර් යන්ත්‍රය මොරටුව විශ්ව විද්‍යාලය වෙත යවා වාර්තාවක් කැඳවීමට නියෝගයක් ලබා දෙන ලෙසට ළමා හා කාන්තා කාර්යාංශය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

එම සිද්ධියට අදාළ නඩුව ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී එසේ නියම කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නිලධාරීන් සඳහන් කර සිටියේ විමර්ශණවලට අවශ්‍ය කරන අදාළ පාසලේ සිසිටිවි දර්ශන සටහන් වූ අදාළ ඩි.වී.ආර් යන්ත්‍රය වෙනත් විමර්ශනයක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට රැගෙන ගොස් තිබූ බවත්,එසේ පරිපාලන අමාත්‍යාංශයට යොමු කිරීමේදී ඇතැම් දර්ශන මකාදමා ඇද්ද යන්න පිළිබඳව මොරටුව විශ්ව විද්‍යාලය වෙත යොමු කර විශේෂඥ වාර්තාවක් කැඳවීමට නියෝග නිකුත් කරන ලෙසත්ය.

මෙම විමර්ශනය කැඳ වූ අවස්ථාවේදී සැකකාර පාසල් ගුරුවරයා අධිකරණය පෙනී සිටිි අතර වැඩිදුර වාර්තාවක්  ඉදිරිපත් කළ පොලීසිය සඳහන් කර සිටියේ CCTV දර්ශන ඔස්සේ විමර්ශන තවදුරටත් සිදුකරන බවය.

පසුගිය අප්‍රේල් 29 වැනි දින කොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයක සත් මහලින් පැන දිවි තොරකර ගත්තේ යැයිි කියන පාසල් දැරිය  සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකෙරේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල ජුලි මස 28දා කැඳවීමට නියෝග කළ අතර විමර්ශන ප්‍රගතිය එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading